ඔබේ ජීවිතයටම ඇත්තටම ප්‍රායෝගිකව වටිනාකමක් එකතු කරන බලාපොරොත්තුවෙන් ලෝකයේ නූතන විද්‍යා හා තාක්ෂණ පෙරලියන් ගැනත්, ජීවිතයට වැදගත් දර්ශනවාදයන් ගැනත්, ඒ වගේම ඔබේ රැකියාවේ මෙන්ම පෞද්ගලික හැකියාවන් ඊලඟ තලයට ඔසවා තබන්නට වැදගත් පණිවිඩත් ඔබත් එක්ක මේ අවකාෂය තුල මම බෙදා ගන්නවා.

With the hope of adding real practical value to your life, I will share with you insights on modern scientific and technological revolutions, important philosophies relevant to life, and valuable messages that can help elevate both your professional and personal skills to the next level.


Sam's Talk

ඔබත් එකම ආහාරය කීපවතාවක් රත් කරනව ද?

අහාරයක් මත බැක්ටීරියා වර්ධනය වීමට වගේම එම බැක්ටීරීයා වලින් නිපදවෙන විෂ ධූලක ශරීරයට ඇතුලු වීම නිසා ඔබ බොහොම ඉක්මනින් ලෙඩ වෙන්න පුලුවන්. අද තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක එකවර ආහාර උයලා අවශ්‍ය වේලාවට නැවත නැවත රත් කර ආහාරයට ගන්න සමහර අය පුරුදු වෙලා තියෙනවා. ආහාරයේ උෂ්ණත්වය නිසියාකාරව පාලනය නොකිරීම නිසා ආහාරයේ ගුණාත්මක බව නැතිවී ඒ මත බැක්ටීරියා ඉක්මනින් අධි වර්ධනය වන ආකාරය ගැන මේ සතියේ ‪@DrSamsTalk‬ තුළින් මම ඔබත් එක්ක කතා කරනවා. ඒ වගේම ආහාර නිවැරදිව ශීතකරණයය කල්තබා ගන්නා විද්‍යානුකූල ක්‍රමය ගැනත් මම ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉරිදා ‪@DrSamsTalk‬ තුළින් හමු වෙමු.

1 week ago | [YT] | 185

Sam's Talk

මදුරු දඟර දුම සිගරට් 75 කර සමාන ද?

මදුරු කරදරයෙන් බේරෙන්න ලංකාවේ තියෙන ගෙවල් වලින් 45% ක් මදුරු දඟර භාවිතා කරනවා. නාගරික ප්‍රදේශ වල වැඩියෙන්ම භාවිතා වෙන්නේ මදුරු විකර්ශක වාෂ්පය (mosquito liquid vaporizer). පැය 8-10 ක් පුරාවට වහපු කාමරයක නිදාගෙන මේ මදුරු දඟරයේ දුම ආශ්වාස කිරීම ඔබට කොයිතරම් හානි දායකද කියලා ඔබ හිතලා තීයෙනවද? එය සිගරට් 75 ක් පමණ භාවිතා කිරීමට යම් ලෙසකින් සමාන බව පරීක්ෂණාත්මකව පෙන්වා දී තිබෙනවා. මේ මඳුරු දඟර දුම තුල තියෙන්නේ මොනවද? ඒ ගැන ඔබ දන්නවද? ඒ විතරක් නෙමෙයි හඳුන් කූරු, සාම්බ්‍රාණි, වගේම පොලිතීන් පුලුස්සනකොට පිටවෙන වායූන් නිසා ඔබ ලක්වෙන බරපතල සෞඛ්‍යය අවදානම ගැන විද්‍යාත්මකව කතාකරන්න මේ ඉරිදා‪@DrSamsTalk‬ තුළින් හමු වෙමු.

3 weeks ago | [YT] | 145

Sam's Talk

කව්ද හිතන්නේ තමන්ගේ ගෙදර තියෙන ප්ලාස්ටික් තේ පෙරණය හෝ ඉක්මනට තේ එකක් හදාගන්න භාවිතා කරන tea bag එකෙන් ශරීරයට වින කරන ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි, අද වෙනකොට ලෝකයේ සෑම පරිසර පද්ධතියක්ම පාහේ මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වලින් දූශ්‍ය වෙලා ඉවරයි. මේ වසංගතය ගැන විද්‍යාත්මකව කතා කරමු...ඒ වගේම මේකෙන් පරිස්සම් වෙන විදිය ගැනත් කතා කරමු මේ ඉරිදා උදේට ‪@DrSamsTalk‬ තුලින්

1 month ago | [YT] | 166

Sam's Talk

ජාන නවීකරණය කරන ලද හෙවත් Genetically Modified (GM) (ලංකාවේ නම් කියන්නේ "ජාන විකෘති" කරන ලද කියලා) ශාක වලින් ලබාගන්නා අස්වැන්න (උදා: සහල්, බඩ ඉරිඟු, එලවලු වර්ග) ආහාරයට ගැනීම

2 months ago | [YT] | 64

Sam's Talk

ලංකාවේ අපේ මිනිස්සුන්ට ගංවතුර බැහැලා ගියත්, එකෙන් ගොඩ එන්න මිනිස්සුන්ට වගේම රටටත් අපි හැමෝගෙම උපරිම උදව් ඕනේ. ඒක නිසා පිටරට ඉන්න අපේ මිනිස්සු "අපි කොහොමද උදව් කරන්නේ ?" කියලා තවමත් අහන නිසා මේ තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්නවා. ඔබට දැනටමත් මේ තොරතුරු ලැබිලා ඔබේ යුතුකම් ඉටු කරලා වෙන්න පුලුවන්. එහෙම නම් අවශ්‍යය දන්න කියන අයටත් මේ තොරතුරු දෙන්න. පුලුවන් උපරිමයෙන් උදව් කරන්න දිරිගන්වන්න කියලත් ඔබ හැමදෙනාගෙන්ම ආදරයෙන් ඉල්ලනවා ❤.

ඒ වගේම ගෞරවයෙන් ඉල්ලන දෙයක් තමයි අපේ රටේ මිනිස්සුන්ගේ නහයට උඩින් වතුර ගිහින් තියෙන වෙලාවේ ඔබේ හිතට පටු අදහස් හෝ දේශපාලනය ගැන හෝ කඩ කැඩිච්ච කතාවක් කියන්න හිතෙනවා නම්...දිව හපාගෙන හරි ඒක නොකියා ඉන්න. ❤‍🩹 මේ වගේ වෙලාවක විවේඡනයෙන් වැඩක් නෑ නේද? අපි ඒ වැඩේ පස්සේ කරමු.

www.cbsl.gov.lk/sites/default/files/cbslweb_docume…

2 months ago | [YT] | 101

Sam's Talk

මම හිතන්නේ 2015 න් පස්ස් ඇතිවූ දරුණුම ගංවතුර මේක... 😢. මිනිස්සු යන්තම් ඔලුව උස්සගෙන ආවා විතරයි. හැම දෙනාම පරිස්සමෙන් ඉන්න ඕනේ..ඒ වගේම පුලුවන් හැම වෙලාවේම උදව් උවමනා අපේ මිනිස්සුන්ට උදව් කරන්නම ඕනේ මේ වෙලාවේ. තව දවස් දෙකක්වත් මේ විදියටම අල්ලගෙන ඉන්න වෙයි. ❤

2 months ago | [YT] | 256

Sam's Talk

වසර කීපයකට කලින් අපේ මුලුතැන්ගෙයට එකතු වූ Air Fryer එකෙන් ඉතාම කාර්යක්ෂමව ආහාර බැදගන්න පුලුවන්. ඒත් බොහෝ දෙනා මේ උපකරණයෙන් හදන ආහාර වලට පිළිකා කරාක acrylamide නැමති රසායනිකය එකතු වෙන බවත් ඒ නිසා, Air Fryer එකෙන් හදන ආහාර සෞඛ්‍යයට අහිතකර බවත් කියමින් ලොකු දෙගිඩියාවකින් ඉන්නවා. මේ පිළිබඳව ඇත්ත නැත්ත විද්‍යාත්මකව කතා කරන්න මම ඔබත් එක්ක මේ ඉරිදා ‪@DrSamsTalk‬ තුලින් හමු වෙනවා ♥

2 months ago | [YT] | 171

Sam's Talk

එකම තෙල් භාජනය නැවත නැවත රත් කරනකොට වෙන දේ ගැන මම සවිස්තරාත්මකව පසුගිය වැඩසටහනේ (https://youtu.be/YcSutENa3ys?si=yHLsH...) ‪@DrSamsTalk‬ තුළින් ඔබට විද්‍යාත්මකව පැහැදිලි කරලා දුන්නා. මේ සිංගප්පුරුවේ අවන්හල් වල තත්වය:

සිංගප්පුරුවේ කතාව: https://www.youtube.com/watch?v=Q9L9D...

2 months ago | [YT] | 5

Sam's Talk

මාවමයි කන්නේ.....

ඔබටත් අනෙක් අයට වඩා වැඩියෙන් මදුරුවන් ආකර්ෂණය වෙනවද? හැම තිස්සේම "මාවමයි මදුරුවෝ කන්නේ" කියලා හිතනෙවාද? ලෝකයේ ජන ගහනයෙන් 20% ක් අනෙක් අයට වඩා මදුරුවන්ව ආකර්ෂණය කරගන්නට වැඩි හැකියාවක් තියෙනවා. ඒකට ඔබේ ජානත් 80% ක් විතර වග කියන්න ඕනේ. මේ ගැන විද්‍යාත්මකව කතා බහ කරන්න මේ ඉරිදා ‪@DrSamsTalk‬ තුළින් හමු වෙමු.

2 months ago | [YT] | 133

Sam's Talk

තෙල් ගැන තුන්වන සහ අවසන් වැඩසහටහන. මේ වැඩසටහනින් ඔබ වෙතට ගේන දැනුම.....

– තෙල් රත්කරන්කොට සිදුවන රසායනික වෙනස් කම්
– තාපයට ඔරොත්තු දෙන තෙල් වර්ග
– වරක් රත් කරපු තෙල් විද්‍යාත්මකව කල් තබාගන්නා හැටි
– පිරිසිඳු සහ කලවම් තෙල් හොයන ගෙදරදීම කරන්න පුලුවන් පරීක්ෂණය
-------------------------------------------------------------------------------------------------------------
අපේ ගෙවල් වල බොහෝ වෙලාවට ටික වෙලාවකට රත් කරපු තෙල් ටික නැවත වරක් භාවිතා කරන්නට තබාගන්නවා. ඒ වගේම වෙලඳපොලේ තිබෙන බැදපු ආහාර බොහෝමයක් කීපවතාවක් භාවිතා කරපු තෙල් වලින් සකස් කරපු ආහාර බව අපි කවුරුත් දන්න දෙයක්. තෙල් නැවත නැවත රත් කිරීමේදී සිදුවන රසායනික වෙනස්කම් මොනවද?, තෙල් වියෝජනය වන විට නිපදවෙන රසායනික සංයෝග අපිට බලපාන්නේ කොහොමද කියන කාරණාව වගේම තාපයට වඩාත් ඔරොත්තු දෙන තෙල් වර්ග පිලිබඳවත් අපි‪@DrSamsTalk‬ තුළින් කතා කරමු. ඒ වගේම එක් වතාවක් රත් කරපු තෙල් යළි භාවිතයට කල් තබාගන්න පුලුවන් විද්‍යාත්මක ක්‍රමයකුත් මම ඔබට කියනවා. වඩාත්ම වැදගත් දෙය වෙන්නේ ඔබ වෙලඳපොලෙන් ලබාගන්න පොල්තෙල් පිරිසිඳු තෙල්ද නැතිනම් කලවම් තෙල්ද කියා හඳුනාගැනීමට ගෙදරදීම කල හැකි පරීක්ෂණයකුත් ඔබත් එකක් බෙදා ගන්න මේ ඉරිදා උදේ‪@DrSamsTalk‬ තුළින් හමු වෙමු ♥

3 months ago | [YT] | 118