Galaxy AI Gallery

Showcasing unique digital art and AI drawings created exclusively on Samsung Galaxy devices. This is where the power of AI meets mobile creativity. Follow for daily art, tutorials, and a look at the future of AI-powered creation.

Why it works: This is highly optimized for search engines and immediately tells a visitor what kind of content to expect. It's direct and professional, perfect for someone who wants to establish themselves as an authority on the topic.


Galaxy AI Gallery

Kreemi Pani Cadju 🤤🤤 5.00 PM Set වෙමු guys😜

1 year ago (edited) | [YT] | 8

Galaxy AI Gallery

6 Set වෙමු මේකේ රස බලන්න 😋😋

1 year ago | [YT] | 7

Galaxy AI Gallery

BK&LEO Become an official youtube partner for Coppenrath hostel.. Tangalle 🤩🤩🤩🤩

1 year ago | [YT] | 5

Galaxy AI Gallery

10 Foods with More Protein Than an Egg

1. Quinoa

1 cup cooked quinoa = 8 g protein

2. Tofu

1/2 cup = 22 g protein

3. Cheddar cheese

1 ounce = 6.8 g protein

4. Almonds

1 ounce = 6 g protein

5. Black beans

1/2 cup = 8 g protein

6. Chickpea pasta

2 ounces = 14 g protein

7. Greek yogurt

7-ounce container = 20 g protein

8. Peanut butter

2 Tbsp. = 7.7 g protein

10. Pumpkin seeds

1 ounce = 8.5 g protein

1 year ago | [YT] | 4

Galaxy AI Gallery

අධික කොලෙස්ටරෝල් රෝග ලක්ෂණ:

ඇඟිලි සහ නියපොතු වල අධික LDL කොලෙස්ටරෝල් වල ලක්ෂණ 7ක්
ඉතින්, වයස අවුරුදු 30 දී කාන්තාවන්ගේ අධික කොලෙස්ටරෝල් වල පොදු ලක්ෂණ මොනවාද?

01.ගැටිති ආකාරයෙන් කහ පැහැති තැන්පතු
ඇස් හෝ ඇහි බැම වටා කහ පැහැති තැන්පතු ඔබට දැකිය හැකිය. Xanthelasma ලෙස හැඳින්වෙන, ඔවුන් රුධිරයේ අධික කොලෙස්ටරෝල් සංඥා කරයි.

02.කැපී පෙනෙන නියපොතු වෙනස්කම්
නියපොතු කහ පැහැයට හෝ සුදු පැහැයට හැරේ නම් එය අධික කොලෙස්ටරෝල් බව පෙන්නුම් කරයි. කොලෙස්ටරෝල් තැන්පතු නිසා නියපොතු ඝන වීම හෝ කඳු වැටි වර්ධනය විය හැක.

03. පිම්බුණු ඇඟිලි
ඔබ ඔබේ 30 ගණන්වල සහ අධික කොලෙස්ටරෝල් තිබේ නම්, ඔබට ඇඟිලි ඉදිමීමට මුහුණ දිය හැකිය. මෙය ධමනි තුළ කොලෙස්ටරෝල් සෑදීම නිසා දුර්වල රුධිර ප්රවාහයේ ප්රතිඵලයක් විය හැකිය.

04.කරදරකාරී ඇඟිලි රෝග ලක්ෂණ අධික කොලෙස්ටරෝල් පර්යන්ත ධමනි රෝග වැනි තත්වයන්ට හේතු විය හැක, ඇඟිලිවල වේදනාව, හිරිවැටීම හෝ හිරි වැටීම පවා ඇති කරයි. මෙම රෝග ලක්ෂණ බොහෝ විට පටු ධමනි හේතුවෙන් රුධිර ප්රවාහය අඩු වීම සමඟ සම්බන්ධ වේ.

05.බිඳෙනසුලු හෝ බිඳෙන සුළු නියපොතු
ඔබේ නියපොතු දුර්වල නම් සහ කැඩීමට පහසු නම්, එය නිසි රුධිර සංසරණයට බාධා කරන අධික කොලෙස්ටරෝල් නිසා විය හැකිය.

06.ඇඟිලිවල වර්ණයෙහි වෙනස්කම්
නිල් හෝ දම් පැහැති ඇඟිලි දුර්වර්ණ වීම සංකේතවත් කරන්නේ අන්තවල ඔක්සිජන් බහුල රුධිරය නොමැතිකම, අධික කොලෙස්ටරෝල් වල සලකුණකි.

07.ඇඟිලිවල අපහසුතාව
අත් චලනයන් වලදී අඛණ්ඩ ඇඟිලි වේදනාව හෝ අපහසුතාවයන් අධික කොලෙස්ටරෝල් මගින් ප්‍රචලිත වන යටින් පවතින සංසරණ ගැටළු නිසා විය හැකිය.

1 year ago | [YT] | 2

Galaxy AI Gallery

Healthy foods for... healthy life.💪💪💪

1 year ago | [YT] | 2

Galaxy AI Gallery

මහත නිසා හැදෙන පිළිකා වර්ග 13ක්..............🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵


ඇඟ හොඳට ආරලා මහත දෙහෙතට ඉන්නවා කියන්නේ පොහොසත් බව පෙන්වන ලක්ෂණයක් හැටියටයි සමාජයේ සැලකෙන්නේ. නමුත් එය මිත්‍යාවක් බවත්, පමණට වඩා ඇඟ තරබාරු වීම රෝගයක් බවත් ඔබ දන්නවාද? අන්තරාසර්ග ග්‍රන්ත පිළිබඳ සහ දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුගම්පල පෙන්වාදී ඇත්තේ තරබාරුව රෝගයක් ලෙස සලකා එය වැළැක්වීමට වහාම කටයුතු කළ යුතු බවයි. පිළිකා රෝග 13කට (ග්‍රැෆික් රූපය බලන්න) තරබාරැව කෙලින්ම බලපානා බව දැන් සොයාගන තිබේ. ඒ හැරත් දියවැඩියාව, අධි රැධිර පීඩනය, අධි කෙලෙස්ටරෝල්, හෘදය සහ වාහිනී ආශ්‍රිත රෝග, නිදන්ගත වකුගඩු ආබාධ, අක්මාවේ මේදය තැන්පත්වීම, සිරෝසිස්, කොන්දේ රුදාව, දණහිස් රුදාව මෙන්ම නින්ද අවහිර වීමටද තරබාරුව වගකියන බව සනාථ වී තිබේ. කොටින්ම තරබාරුව යනු ලෙඩ ගොඩකට පාර කපන මහ ලෙඩකි.

අධි බර සහ තරබාරුව දැන් අන්තර්ජාතිකවද ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝකයේ පසුගිය වසර 10ක වාර්තා සලකා බැලූ විට සෑම ස්ත්‍රීන් 10 දෙනකුගෙන් 4ක්ද, පිරිමින් 10 දෙනකුගෙන් 3ක්ද තරබාරුවට හෝ වැඩි දේහ බරක් දැරීමේ රෝගී තත්ත්වයට ගොදුරුව තිබේ. භයානකම කාරණාව වන්නේ තරබාරුව මගින් පිළිකා වැළඳීමට ඉහළ දායකත්වයක් සපයන අතරම පිළිකා රෝගයෙන් සුවය ලබා ඇති අයට නැවත පිළිකා හටගැන්වීමටද දැඩි ලෙස බලපෑමයි.

තරබාරුව සඳහා බලපාන ප්‍රධාන සාධක ලෙස දක්වා ඇත්තේ, එක තැනම වාඩිවී වැඩි කලක් ගත කරන කාර්යශීලී නොවන වත්මන් ජීවිතයයි. ඊළඟට ඉවක් බවක් නැතිව ගන්නා ආහාර පානයන්ය. සීනි, ලුණු සහ තෙල් අධික එනිසාම “කටට රස” ලෙස හඳුන්වාදෙන ආහාර සහ පානවලට ඇබ්බැහි වීම මෙහිදී ප්‍රධාන බලපෑමක් කරයි.

අනෙක් අතට තමන්ට එදිනෙදා ජීවිතය පවත්වාගන යාමට අවශ්‍ය කැලරි ප්‍රමාණය හෙවත් ශක්ති ප්‍රමාණයටත් වඩා අධික ශක්ති ප්‍රමාණයක් ශරීරගතවන ලෙස ලොකු ලොකු ආහාර වේල් ගිලදැමීමට පුරුදු වීමයි. පළතුරු සහ එළවළු භාවිතය අවම වීම තවත් සාධකයකි. මේ තරම් සුපිරිසුදු සෞඛ්‍ය සම්පන්න පානයක් වන ජලය සොබාදහම ලබාදී ඇතත් මත්පැන් සහ කෘත්‍රිම රසායන යෙදූ පාන වර්ග සඳහා මුල්තැන දීම අනෙක් කාරණයයි. එකතැනට වී ක්‍රමානුකූල ව්‍යායාම රහිත අක්‍රිය දිවියක් ගෙවනවා මදිවාට දුම්පානයේ යෙදීමත් දිනකට අවශ්‍ය නින්ද නිසි ලෙස නොලැබීමත් තවත් ප්‍රබල හේතුවෙකි. තයිරොයිඩයේ අක්‍රමිකතා මෙන්ම ජානමය බලපෑම්ද තරබාරුව සඳහා බලපාන තවත් සාධක දෙකකි.

තරබාරුව වළක්වා නිරෝගී ජීවිතයක් ගත කිරීමට නම් සමස්ථ සමාජයටම හඳුන්වා දිය යුතු මූලික සංකල්ප කිහිපයක් දැන් තරබාරුව පිළිබඳ ලෝක ෆෙඩරේෂණය එළිදක්වා තිබේ. ඉහත සඳහන් කළ තරබාරුවට හේතුවන කාරණා වැළැක්වීම එහි අරමුණයි.

එසේ නොකර මේ යන විදිහටම ගියහොත් 2025 වනවිට ලෝකය පුරා, ලංකාවේද ඇතුළු බිලියන 2.7ක් තරබාරැ ලෙඩුන් බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

සරල ප්‍රතිකාර

• සීනි යෙදීම අඩු කිරීම හෝ කොහෙත්ම සීනි නොදැමූ පාන වර්ග ගැනීම.

• සීනි කෘත්‍රිමව එක්කර ඇති ආහාර පානවර්ග ගැනීමෙන් වැළැකීම.

• මත්පැන් භාවිතය අත්හැරදැමීම හෝ පාලනයට ලක් කිරීම.

• වැඩියෙන් පළතුරු සහ එළවළු වර්ග ආහාරයට එක්කර ගැනීම.

• ආහාරයට ගන්නා කැමවේල් ප්‍රමාණය පාලනය කිරීම (ලොකු ලොකු බත්ගෙඩි ගිල දැමීම පාලනය)

• කඩචෝරු, කෘත්‍රිම ආහාර, කලින් සැකසූ ආහාර ගැනීමේදී පමණ දැන කටයුතු කිරීම.

• දිවා ආහාරය සඳහා යාමට පෙර පොඩි රවුමක් ඇවිද යාම.

• වෙළඳපලට, කාර්යාලයට, පාසලට යනවිට ඇවිදීම. සයිකලයක නැගී යාම වැනි ක්‍රියාශීලී ප්‍රවාහන ක්‍රමයක් භාවිතාව.

• විදුලි සෝපාන වෙනුවට සැමවිටම තරප්පු පෙළ භාවිතය.

• දිනපතා ව්‍යායාමවල යෙදීම.

• තමන්ගේම ක්‍රියාකාරී අරමුණු එල්ලයන් සොයා ගැනීම. නැතිනම් වැඩකටයුතු කාලසටහනකට කිරීම.

• කාර්යාලය තුළදීත් එක තැනක වැඩිවී නොසිට වරින්වර ඇවිදීමට අවස්ථාවක් යොදාගැනීම මගින් කාර්යශීලී බව රඳවා ගැනීම.

• උසට සරිලන මහත පවත්වාගන යාම සහ නිසි කළ වෛද්‍ය පරීක්ෂණවලට යොමුව තරබාරැව ගැන විමසිලිමත් වීම.

1 year ago | [YT] | 2

Galaxy AI Gallery

අධික තරබාරුව

අධික තරබාරුව කියන්නේ.......

අධික තරබාරුව හෙවත් ස්ථුලතාවය නමින් හැඳින්වෙන්නේ ශරීරයේ හානිකර මට්ටමින් අනවශ්‍ය මේද තැන්පත් වී තිබීමයි. ආයුර්වේදයට අනුව ස්ථුලතාවය බොහෝ රෝග ගණනාවකට හේතුවක්. ඔබ ඇවිදින විට ඔබේ බඩ ස්තන හා නිතඹ යන ශරීරයේ අංග ලෙලදෙන අයුරින් සෙලවෙයි නම් එය අධික තරබාරුව ලෙස බාහිරින් හඳුනා ගන්න පුළුවන්. මෙහිදී ඔබගේ සිරුර අනවශ්‍ය ලෙස මසින් පිරි ඇති බව ඔබට දැනේනම් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බව සිතට ගන්න.

අධික තරබාරුවේ ලක්ෂණ

උසට සරිලන බර පවත්වා ගත නොහැකි වීම, ක්‍රියාශීලි බවින් තොරවීම, ලිංගික දුබලතාවය, කෙටි දුරක් ගමන් කිරීමේදී ඇතිවන මහන්සි බව, අල්ප ආයුෂ, පෞරුෂත්වය හීන වීම, ආකර්ශණය අඩු බව, සම අවපැහැ වීම දක්වන්න පුළුවන්.

අධික තරබාරුව ඇතිවන්නේ ......

ආහාර

ස්ථුලතාවය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ලබාදෙන පිටි සහිත ආහාර, සෙම වඩන ආහාර, තෙල් අධික ආහාර, අධික පැණි රස සහිත ආහාර, කෘත්‍රිම ආහාර වර්ග මෙන්ම ක්ෂණික ආහාර හා රස කාරක යෙදූ ආහාර ගැනීම ද මේ තරබාරුව ඇති කිරීමට මග පාදයි. ඒ වගේම ස්වභාවික රස කාරක නොයෙදීම ද මෙයට  බලපාන තවත් හේතුවක්. තමාගේ පමණ දැන ආහාර ගැනීම හා එක් ආහාරයක් දිරවීමට පෙර නැවත ආහාරයක් ගැනීම නිසාද අධික තරබාරුව උග්‍ර වනු ඇත.
 

ව්‍යායාමය අවම වීම

ව්‍යායාම නොකිරීම, දිවා නින්ද, රාත්‍රී නිදි වැරීම, වේග ධාරණය, එක දිගට රූපවාහිනිය නැරඹීමට හුරු වීම, පරිගණකය හෝ වෙනත් වැඩකට එක දිගට වාඩි වී සිටීම ලැබෙන විවේකය නිසි පරිදි ගත නොකිරීම හා මානසික ආතතිය ද අධික තරබාරුවට බලපායි.
 

දිගුකාලින බෙහෙත් භාවිතය 

තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ගන්නා බෙහෙත්, උපත් පාලන පෙති, අධික රුධිර පීඩනය නිසා ගන්නා බෙහෙත් වර්ගද මෙයට හේතුවේ.
 

ඒ වගේම

කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල ඇතිවන රෝග තත්ත්ව නිසාද අධික තරබාරුවට ලක්විය හැකියි.

 

ඇතිවිය හැකි රෝග ලක්ෂණ

හෘද රෝග, දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අක්මා රෝග, වකුගඩු රෝග, මොළයේ ලේ කැටි හිරවීම, නහර ගැට ගැසීම, පිළිකා, ශ්වසන ආබාධ, නිදා ගැනීමේ අපහසුතා.

අධික තරබාරුව අඩුකර ගැනීමට නම්,

නිසි ආහාර රටාවකට යොමුවීම කල යුතු අතර මෙහිදී කෘතිම රසකාරක, ක්ෂණික ආහාර, තෙල් සහිත ආහාර, පැණි බීම, උෂ්ණාධික ආහාර වලින් වැලකීම කල යුතුයි. ඒ වගේම වරින් වර සුළු කෑම වර්ග කෑමෙන්ද වළකින්න.

මෙහිදී වෛද්‍ය උපදෙස් මත ආහාර වේල් ලබා ගැනීමද වැදගත් වේ.

හැකි සෑමවිටම මද උණු වතුර වීදුරුවක් පානය කරන්න.

වේග ධාරණයෙන් මිදීම, මානසික ව්‍යායාම (භාවනා, යෝග) ආදියට යොමු වීමත් මෙහිදී වැදගත් වේ.

ඉතින් ඔබත් මේ පිළිබඳව සැලකිලිමත් වී අධික තරබාරුවෙන් මිදෙන්න කටයුතු කරන්න. 

1 year ago | [YT] | 5

Galaxy AI Gallery

ඖෂධ නොමැතිව ඔබේ කොලෙස්ටරෝල් අඩු කර ගනිමු
අද බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්තමයි කොලෙස්ටරෝල්.නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම අපේ ආච්චිලා,සීයලා දෑතින් කරපු වැඩ දැන් කරන්නේ මැෂින් වලින්.ස්වභාවික ආහාර වෙනුවට දැන් ගන්නේ ක්ෂණික ආහාර.ඔය වගේ හේතු තමයි නුතන සමාජයේ මිනිසුන්ට කොලස්ටරෝල් වැඩි වෙන්න හේතුව.කොලස්ටරෝල් හැදුනම ඒකට බෙහෙත් කරනවා වෙනුවට කලයුත්තේ කොලස්ටරෝල් සෑදීම වැලක්වීමට පියවර ගැනීමයි.ඒක නිසා ඖෂධ ලබා ගැනීමකින් තොරව ඔබගේ කොලස්ටරෝල් මට්ටම අඩු කිරීමට ඔබට කල හැකි දේ බලමු.

ඇත්ත වශයෙන්ම ඔබේ සිරුරේ නව ශෛල ගොඩ නාග ගැනීමට,ස්නායු හා ශරීරයේ හෝමෝන නිෂ්පාදනය කිරීමට කොලස්ටරෝල් (මේදය) අවශ්‍ය වෙනවා.නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා එය තිබුණහොත් ඔබට හර්ද රෝග හට ගැනීමේ වැඩි ප්‍රවනතාවයක් තියෙනවා.ඔබගේ රුධිරයේ අධික කොලස්ටරෝල් ප්‍රමාණයක් ඇති විට රුධිර වාහිනී ධමනි බිත්ති තුල පටලයක් සේ ඒවා බැදී ධමනි පටු වෙනවා.එය සාමාන්‍ය පරිදි රුධිර ප්‍රවාහනය කිරීමට බාධාවක් වෙනවා.මෙහිදී ඔබේ හදවතට නිසියාකාරව රුධිරය හා ඔක්සිජන් පොම්ප කිරීමක් සිදු නොවෙනවා.එම නිසා ඔබට හර්ද රෝග ඇති වෙනවා.

කොලස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා.එකක් තමයි LDL(Low Density Lipoprotein).ඒක තමයි අපේ ශරීරයට අයහපත්.අනිත් වර්ගය තමයි HDL (High Density Lipoprotein).ඒ වර්ගය නම් අපේ ශරීරයට යහපත් වෙනවා.මෙහිදී හදවත් රෝග සදහා හේතු වන්නේ LDL ය.HDL මගින් රුධිරයේ කොලස්ටරෝල් ඉවත් කිරීමට කටයුතු කරනවා.ඉතින් ඔබ ඔබේ HDL මට්ටම ඉහළ දැමීමට සහ LDL මට්ටම අඩු කිරීමට කටයුතු සිදු කරන්න.

බොහෝ අය තමන්ගේ කොලස්ටරෝල් මට්ටම ඉහළ යනකම්ම දන්නේ නැහැ.ඔබේ කොලස්ටරෝල් මට්ටම ගැන දන ගැනීම සහ එය අඩු කිරීමට අවශ්‍ය දේ සිදුකිරීම ඉතාමත් වැදගත් වෙනවා.අධි කොලස්ටරෝල් මට්ටමට බලපාන බොහෝ සාධක තියෙනවා.එදිනෙදා ආහාර ගැනීමෙන් කොලස්ටරෝල් ප්‍රමාණය අවම කිරීම සදහා එක එක පිළියම් බොහොමයක් නිවෙස් වල අනුගමනය කරනවා.



Heart එකට සුදුසු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම

ඔබේ ආහාරය ඔබගේ කොලස්ටරෝල් මට්ටම සදහා බොහෝ සේ දායක වෙනවා.කොලස්ටරෝල් සදහා හොද ආහාර හා නරක ආහාර තියෙනවා.මේදය අධික හා කාබෝහයිඩ්රෙට් අධික ආහාර ගැනීමෙන් වැළකී සිටින්න.ෆාම් ඔයිල්,පොල්තෙල්,බිත්තර,රතුමස්,බටර්,යොදය සහිත කිරි,චොක්ලට්,ඩොනට්ස්,චීස්,බැදුම් වර්ග (බයිට් වර්ග),රටකජු වැනි ඇට වර්ග ආහාරයට එක් කර නොගන්න.මාංශ ආහාර නොමැති ආහාර වේලක් ගන්න.විශේෂයෙන් සැමන් එළවලු,සුදුලූනු,ධාන්‍ය වර්ග හා පලතුරු ඔබේ ආහාරයට එක් කර ගන්න.මේද ආහාර පමණක් නොවේ සීනිද කොලස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට හේතුවක් වෙනවා.එම නිසා ඔබ දිනකට පාවිච්චි කරන සීනි ප්‍රමාණය තේ හැඳි 6-9 කට සීමාකරන්න.

ජීවන රටාව

ඔබේ ජීවන රටාවත් කොලස්ටරෝල් මට්ටම සදහා ඉවහල් වෙනවා.ඔබේ ආතතිය (stress)කොලස්ටරෝල් මත අහිතකර ලෙස බලපානවා.එමනිසා ආතතිය අඩු කර ගැනීමට කිසියම් භාවනා වැඩසටහනක් අනුගමනය කරන්න.

දුම් පානය කරන්නන් සදහා කොලස්ටරෝල් පුදුමයක් නොවේ.සිගරැට්,දුම්පානය ඔබේ HDL මට්ටම අඩු කරනවා.එම නිසා දුම්පානය නතර කරන්න.එමගින් කොලස්ටරෝල් අඩු කිරීම පමණක් නොවේ ඔබේ සෞඛ්‍යය ගැටළු රැසකට ඒක පිලියමක් වෙනවා.

ඔබගේ බර

සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් සදහා සෑම විටම හොද BMI මට්ටමක් පවත්වාගෙන යන්න.සිරුරේ අධික බර කොලස්ටරෝල් ප්‍රමාණය ඉහළ නැංවීමට හේතුවක් වෙනවා.ශාරීරික වයායම් තුලින් හොද සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් සුදුසු HDL මට්ටමක් ඇතිකිරීමටත් උපකාරී වෙනවා.

ව්‍යායාම්

කොලස්ටරෝල් මට්ටම අඩු කිරීමට පමණක් නොවෙයි ව්‍යායාම් කිරීම ඔබේ සමස්ත සෞඛ්‍යය සදහාම ඉතා යහපත්ය.සෑම දිනකම මිනිත්තු 30 කායික ක්‍රියාකරකම්වල යෙදීමෙන් ඔබේ ශරීරයේ පුදුමාකාර වෙනසක් සිදු වෙනවා.ඇවිදීම,පිහිනීම,නැටීම හා බයිසිකල් පැදීම ඉතා සුදුසුය.

වයස

වයසින් වැඩි වන විට රුධිරයේ කොලස්ටරෝල් වැඩි වන නිසා වයසට යනවිට ඔබ ඉතා පරිස්සම් විය යුතු වෙනවා.කාන්තාවන්ට අර්තවහරණයට පෙර LDL මට්ටම අඩු වන අතර අර්තවහරනයෙන් පසුව LDL මට්ටම වැඩිවෙනවා.එය හෝමෝන වෙනස් වීම් නිසා සිදුවෙනවා.මේ ආදී කරුණු නිසා ඔබ වයසට යන විට නිතිපතා වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න.

උරුමය (පරම්පරාවෙන් පැවතීම )

අධි රුධිර කොලස්ටරෝල් සදහා තවත් හේතුවක් වන්නේ උරුමය එසේත් නැතිනම් ජාන වලින් පැවතගෙන ඒම.ඔබට තිබෙන්නේ අධි කොලස්ටරෝල් ඇති පවුල් පසුබිමක් නම් ඔබේ පවුලේ වැඩි දෙනෙකුට හදවත් රෝග තිබේනම් ඒ සදහා ඔබ පුර්වොපයන්/පෙර සුදානමක් ගැනීම වඩාත් සුදුසුය.

1 year ago | [YT] | 5

Galaxy AI Gallery

මොනවද මේ කොලෙස්ටරෝල්?

කොලෙස්ටරෝල් යන්න ශ‍්‍රී ලාංකීය සමාජය තුළ ද පසුගිය වසර 30, 40 තුළ කරළියට ආ වචනයකි. ලෙඩ රෝග ගැන කරන කතා බහේ දී මෙන්ම කැම බීම ගැන සෙවීමේදී ද කොලෙස්ටරෝල් අමතක කළ නොහැකි වදනක් බවට පත්වෙමින් පවතී. මාධ්‍ය මගින් ද මේ පිළිබඳ නිබඳව අවධානය යොමු වෙයි.  කෙසේ වෙතත් කොලෙස්ටරෝල් ගැන කතා කරන හෝ එවැනි කතාවලට සවන් දෙන බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව ඇත්තේ නිශ්චිත අදහසක්ම නොවන බවක් පෙනී යයි. විද්‍යා සන්නිවේදනයෙහි යෙදෙන තතු මෙම සටහන තබන්නේ එවැන්නන්ගේ මෙන්ම අප කාගේත් හිත සුව පිණිසය.

කොලෙස්ටරෝල් යනු සිරුරේ සෛල ඇතුළත ස්වාභාවිකව ඇතිවන රසායනික තැනුම් ඒකකයි. ස්ටෙරොයිඩ හෝමෝන සහ විටමින් ඩී මෙන්ම ආහාරමය මේද (dietary fat)  ජීර්ණයට හා අවශෝෂණයට උපකාරී වන පිත අම්ල නිපදවීමට අවශ්‍ය වේ. රුධිරය, අපේ සිරුර පුරා කොලෙස්ටරෝල් රැගෙන යන්නේ අධිඝනත්ව ලිපෝප්‍රෝටීන (high density lipoproteins HDL) ලෙස අප දන්නා ප්‍රෝටීන (හොද කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ ද එයයි) සහ නරක කොලෙස්ටරෝල් ලෙස හැඳින්වෙන අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (low density lipoproteins LDL)මතය.(හොඳ කොලෙස්ටරෝල් කුමක්ද නරක කොලෙස්ටරෝල් කුමක්ද යන්න අප බොහෝ  දෙනෙකුට පැටළිලි ඇති කරන්නකි. එය මතක තබා ගැනීමට පහසු මගකි මේ HDL වල  H අකුරෙන් High යන්නෙන් වැඩියෙන් ගත යුත ලෙස ද  LDL යන්නෙහි  L අකුරෙන් Low වලින් ලෙස ද  අඩුවෙන් ගත යුතු ලෙස ද මතක තබා ගත හැකිය)
කොලෙස්ටරෝල් (dietary cholesterol)සහ  රුධිර කොලෙස්ටරෝල් (blood cholesterol)පටලවා ගත යුතු නැත. ඉස්සන්, බිත්තර, සත්ව කොටස් වැනි ඇතැම් ආහාරවල කොලෙස්ටරෝල් අඩංගු වෙතත් ඉහළ සන්තෘප්ත මේද, භෝජනවලට ප්‍රතිචාර වශයෙන් අපගේ  සිරුරේ නිපදවන කොලෙස්ටරෝල් හා සංසන්දනය කරද්දී ඒවා රුධිර කොලෙස්ටරෝල් කෙරෙහි ඇතිකරන්නේ ඉතා මද බලපෑමකි. කොලෙස්ටරෝල් අඩංගු ආහාර වර්ග ගණනාවක්ම සාපේක්ෂව සංතෘප්ත මේදවලින් අඩුවෙන අතර ඒවායේ වෙනත් ප්‍රයෝජනවත් විටමින් හා ඛනිජ අඩංගුය. එවැනි ආහාර ගැනීම අඩු කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණකි. ආහාරයෙහි සන්තෘප්ත මේද අඩුකිරීම ආහාරමය කොලෙස්ටරෝල් අඩුකිරීමට වඩා වඩාත් වැඩදායකය.

මේ මතයට එකඟ නොවන විද්‍යාඥයෝ, වෛද්‍යවරු, පර්යේෂකයෝ හා උගත්තුද සිටිති. සංතෘප්ත මේදය සහ අධික කොලෙස්‍ටරෝල් ඇතරොස්කලරෝසිස් (atherosclerosis) හෙවත් මේද තැන්පත් වීම නිසා ධමනි දැඩිවීම හා කන්තුක වාහිනී (හෘද්වාහිනි) රෝග ඇති කිරීමේ දී කාර්යභාරයක් ඉටුකරන්නේය යනුවෙන් 1950 ගණන්වල සිට වර්ධනය වෙමින් ඇවිත් තිබෙන ලිපිඩ උපන්‍යාසය ඔවුහු පිටු දකිති.  එම උපන්‍යාසය සාක්ෂි මගින් ප්‍රමාණවත්ව ඔප්පු කර නැතැයි යන්න ඔවුන්ගේ අදහසයි. මේ පිරිස්,  The International Network of Cholesterol Skeptics (or THINCS) වැනි සංවිධානද පිහිටුවා ගෙන ඇත

1 year ago | [YT] | 5