Creating creative programs is my sole purpose


Shalom

✨වසර 1,200කට වඩා පැරණි – අදටත් ජීවමාන සාක්ෂිය! ✨
ලන්චියානෝ දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයේ ඔබ නොඇසූ කතාව
✝️Link - https://youtu.be/iZXY8uiqCe0?si=Ie-kn...

#Shalom #sinhala #catholicfaith #catholicchurch #eucharisticmiracle

19 hours ago | [YT] | 116

Shalom

හිනිදුම කල්වාරි වන්දනා සමය - 2026 🌳⛰️

3 days ago | [YT] | 99

Shalom

මග්ගොන ජාතික කල්වාරි පුදබිම - 2026 🌳⛰️

4 days ago | [YT] | 168

Shalom

අටසිය වසරක් සපිරෙන "හිරු සොයුරාගේ" කතාව 🌿🕊️
✅ Link - https://youtu.be/mpTsdNDkv5Y?si=lQcJL...

1 week ago | [YT] | 182

Shalom

ඔබ නොදුටු හිනිදුම කල්වාරිය 😮⛰️
🌳 Link - https://youtu.be/VajLcpKlnF4?si=aZYxp...

1 week ago | [YT] | 123

Shalom

අද ලූර්දූ දේව මාතාවන්ගේ මංගල්‍යයයි (පෙබරවාරි 11)
..............................................................................
ලූර්දු අප දේවමාතාවන් 1858 දී ප්‍රංශයේ ලූර්දු නුවර සිදු වූ බව කියනු ලබන අප ආදර දේවමාතාවන්ගේ දර්ශනයන්ට ගෞරවයක් ලෙස ශුද්ධ වූ සභාව විසින් දෙව් මවුන්ට දුන්නා වූ තවත් එක් ගෞරව නාමයකි.
1858 පෙබරවාරි 11 වන දින ලූර්දු නගරයේ මැසබියෙල් ගුහාවේදී බර්නදෙත් සොබරියස් යන දැරියට ප්‍රථම වරට දර්ශනය වී ඈ හා සිනාසෙමින් දෙව් මවුන් සමග යාච්ඤා කිරීමට ඇයට ආරාධනා කර තිබේ. මෙම සිදුවීම සිදුවී දින තුනකට පසුව එනම් පෙබරවාරි 14 වන දින බර්නදෙත් නැවත මැසබියෙල් ගුහාව වෙත ශුද්ධ වූ ජලය අතැතිව ගියාය.

මෙදින දෙව් මවුන් නැවත ඇයට දර්ශනය වූ අතර ඒ මොහොතේදී බර්නදෙත් ඇය අතවූ ශුද්ධ වූ ජලය දෙව් මවුන් වෙත විසි කරමින් මෙසේ පැවසීය, "ඇය දෙවියන් වහන්සේගෙන් පැමිණියේ නම්, ඇය නැවතී සිටිය යුතුය. එසේ නැතිනම් ඇය යා යුතුය." දෙව් මවුන් සිනාසීමට පටන් ගෙන මැයට හිස නමා ආචාර කළා ය.

ඉන්පසු පෙබරවාරි 18 වන දින මැය නැවත මැසබියෙල් ගුහාව වෙත ගිය අතර ඒ අවස්ථාවේදී "මම මේ ලෝකේ තුළදී ඔබව සතුටු කරන්නට පොරොන්දු නොවෙමි, නමුත් ඊළඟට" යැයි දෙව් මවුන් බර්නදෙත් තුමියට පවසා ඇත. නැවත පෙබරවාරි 24 වන දින ඇය මැසබියෙල් ගුහාවට ගිය අවස්ථාවේදී පව්කාරයන් පසුතැවී සිත් හරවා ගැනීම සඳහා යාච්ඤා කරන ලෙස දෙව් මවුන් ඇගෙන් ඉල්ලා සිටියාය.

ඊළඟ දින දෙව් මවුන් ඇගෙන් ඉල්ලා සිටියේ බිම හාරා එහි හමුවූ වසන්තයේ ජලය පානය කරන ලෙසයි. මේ සිදුවීම සමඟ ලූර්දු වේ මැසබියෙල් ගුහාව වන්දනා චාරිකා සඳහා කේන්ද්‍රස්ථානයක් වූ අතර එම ජලය පානය කිරීමත් සමඟ බොහෝ දෙනෙක් සියලු ආකාරයේ ලෙඩ රෝග ආශ්චර්යමත් ලෙස සුව වී ඇත.

මෙම සුව කිරීම් වලින් හතක්ම කිසිදු වෛද්‍ය පැහැදිලි කිරීමක් ලබාදීමට නොහැකි බවට හා මෙම සුව කිරීම් සහතික වශයෙන්ම ප්‍රාතිහාර්යයන් බව 1860 දී මහාචාර්ය ව(ර්)ජස් විසින් සනාථ කරන ලදී.
මේ සිදුවීම් සමඟ ලූර්දු නගරය මුලු ලෝකය පුරාම ප්‍රචලිත වූ අතර අදටත් මෙම නගරයේ වෙත නන්දෙසින් පැමිණෙන වන්දනාකරුවන්ට කිසිදු මිල අයකිරීමකින් තොරව මැසබියෙල් ගුහාවේ ඇති වසන්තයේ ජලය පානය කිරීමට හා රැගෙන යාමට ඉඩකඩ සැලසී ඇත.

දෙව් මවුන් ලූර්දු නුවර දර්ශනය වී බර්නදෙත් තුමියගෙන් ඉල්ලා සිටියේ මේ ලෝකය තුළ වෙසෙන්නා වු පව්කරුවන් පසුතැවිලි වී, සිත් හරවා ගැනීම උදෙසා යාච්ඤා කරන ලෙසයි; එදා දෙව්මව් ඇයගෙන් එසේ ඉල්ලුවා සේ අදත් ඔබගෙන් මගෙන් එතුමිය ඉල්ලන්නේද එයයි.

මෙම කතා පුවත සිහිගන්වමින් ලුර්දු මංගල්‍යය සමරන අද දින එනම් පෙබරවාරි එකොළොස් වන දින එතුමියගේ ඒ ඉල්ලීමට අපි ද සවන් දී එය ක්‍රියාවෙ නන්වමු.

ඔබ සැමට ලූර්දු දේව මාතාවන්ගේ මැදහත්කම නිරතුරුව ලැබේවා!!🙏
ජේසු පිහිටයි 🙏

1 week ago | [YT] | 267

Shalom

මහනුවර රදගුරු අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් සහ විශ්‍රාමික රදගුරු අති උතුම් ජෝශප් වියානි ප්‍රනාන්දු හිමිපාණෝ පසුගිය දින වල ගෝවේ වන්දනා චාරිකාව නිරතවූ අතර, එහිදී ඉතා උණුසුම් අයුරින් එතුමන්ලාව ගෝවේ අගරදගුරු පේත්‍රියාක් අති උතුම් පිලිප්නේරි ෆෙරාඕ හිමිපාණන් ප්‍රමුඛ ගෝවේ පුජක , ගිහි, පැවිදි සියල්ලන් විසින් පිළිගනු ලැබීය. මෙහිදී එතුමන්ලා ශු. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමන්ගේ ද, ලංකා අපෝස්තුළුතුළුවර ශු. ජුසේ වාස් මුනිතුමන්ගේ සහ අති පූජ්‍ය පඩිවර ජාකෝමේ ගොන්සාල්වෙස් පූජාප්‍රසාදීන් වහන්සේගේ දිවි මඟට සම්බන්ධ සියලුම ස්ථාන කරා එතුමන්ලා වන්දනාවේ ගිය අතර , විශේෂයෙන් මෙහිදී දිවාරි ග්‍රාමයේ දී ජාකෝමේ ගොන්සාල්වෙස් පිය කමිටුව ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමාගේ සුදුවර ක්‍රියාවලිය පිළිබඳව කතිකා කළ බව ද සදහන් වේ.

සටහන - ලක්දිව කතෝලික ඉතිහාසය

2 weeks ago | [YT] | 173

Shalom

ස්පාඤ්ඤයේ දරෝකා නගරයේ ප්‍රාතිහාරය ❤️🙏

ඉතා අලංකාර නගරයක් වු දරෝකාව පිහිටා තිබුනේ ස්පාඤ්ඤයේ උතුරු ප්‍රදේශයේය. 1239 වර්ෂයේදී මේ ප්‍රදේශ භාරව තිබුනේ වැලෙන්කා ප්‍රාන්තය පාලනය කළේ දොන් ජෙයිම් නැමති කතෝලික රජතුමාය. දකුණේ මේ කාලයේම සැරසන් වරුන්ව පාලනය කල රජතුමා අප්‍රිකා මහද්විපයෙන් පවා සෙබළුන් ගෙන්වා කතෝලිකයන්ව යටත් කරගන්නට සැරසුනි. මේ බව දැනගත් දොන් ජෙයිම් රජතුමා සියළුම යුද සෙබළුන් එක් රැස් කරවා ප්‍රසිද්ධියේම ගරු පියතුමෙකුලවා දිව්‍ය පූජාව සිදුකර සෑම සෙබලෙකුටම භක්තියෙන් හා විශ්වාසයෙන් යුක්තව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමට නියම කළේය.

රජතුමා ද භක්තියෙන් යුතුව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගෙන තම සෙබළුන් අමතා මෙසේ ප්‍රකාශ කළේය. "මාගේ විරෝධාර සෙබළුනි නුඹලා කිසිදෙයකට දැන් ඉතින් බිය විය යුතු නෑ. අපි මේ සටන් කරන්නට යන්නේ අපේ මේ සාමකාමි නගරය අපගේ අනාගත දරු පරපුරට බේරාදිම සඳහායි. ඒ නිසා නුඹලා භක්තියෙන් යුතුව ලබාගත් දිව්‍ය ජේසු කෙරෙහි විශ්වාසය තබාපල්ලා. එතුමා අපිට ශක්තියක් වනු නොඅනුමානයි.”

මේ වන විටත් සැරසන් හමුදාව මේ ප්‍රදේශය ආක්‍රමනය කරන්න පටන් ගෙන තිබුනි. දිව්‍ය පූජාව සිදු කරමින් සිටි පියතුමා ලඟ දිව්‍ය පූප 6ක් පූජාවෙන් පසුව ඉතිරිව තිබුනා. මෙම හදිසි යුද්ධයේ ඇරඹුමෙන් කලබලයට පත් පියතුමා අරපූප ශු.ලෙන්සුවේ ඔතා අල්තාරයට නුදුරින් වු තැනක සඟවා තැබුවා. කතෝලික හමුදාවට හැකිවුනා සැරසන් හමුදාව පලවා හැර තම නගරය බේරා ගන්නට. ඉන්පසු පියතුමා ඉක්මනින් තමන් සඟවා තැබු තැනින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගැනීමටගියත් ඔහුට සොයා ගැනීමට අපහසු වුනා. පසුව ඔහු තනිව මේ සඳහා යාච්ඥා කලා. දෙවියන් වහන්සේ ඔහුට ඒ තැන එලිදරව් කරනු ලැබුවා. එහෙත් ඔහුට හමුවුනේ අර තැබු පූප වෙනුවට තද රතුවට ශු,ලේන්සුවේ ලකුණු වු ලේ බිංදු 6කි.

ඒබව දැන ගත් රජතුමා සහ මුළු යුධ හමුදාවම දනින් වැටි දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. තමන්ව සතුරාගෙන බේරා ගත්තේ එතුමාණන් බව තදබල ලෙස විශ්වාස කළා. ඒ වෙනුවෙන් ඔවුන් දෙවියන් වහන්සේට ස්තුති කිරීමට තුති පූජාවක් පවා පැවැත්වුවා. පසුව සියළු දෙනාගේම සහයෝගය මත දරෝකා යන ස්ථානයේ දේවස්ථානයක් තනවා මේ ශු.වස්තු තැන්පත් කලා. අද එම දේවස්ථානය දේවමාතා වහන්සේට කැප කර තිබෙනවා.

4 weeks ago | [YT] | 347

Shalom

ඉතාලියේ අල්ට්‍රි හි ප්‍රාතිහාරය. ✨

අල්ට්‍රි නගරය ජිවත් වු තරුණ කාන්තාවකගේ සිත ඉතා කඩවසම් දක්ෂ තරුණයකු වෙත ඇදී ගියේය. ඇය මෙන් තවත් බොහෝ තරුණියන් ද මේ තරුණයාගේ ආදරය දිනා ගැනිමට උත්සහ දරයි. එහෙත් ඒ උත්සහයට ගඟට කැපු ඉනිසේ නිශ්ඵල විය. මේ නිසා කෙසේ හෝ මේ තරුණයාව තමා දිනා ගන්නෙමයි අධිශ්ඨාන කල මේ තරුණිය මේ සඳහා තවත් වැඩිහිටි කාන්තාවකගේ සහය පැතිය.
ඇය විවිධ කූටෝපායන්ගෙන් අන් අයව රැවටීමට දක්ෂ සටකපට තැනැත්තියක් වුවාය. ඒ නිසා ඇයගේ පිළිතුර වුයේ අයියෝ ඕක සුලු දෙයක්නේ ඕකට හොදම බේහෙත මොකක්ද දන්නවද දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ, "මොනවා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ" තරුණිය විශ්මිතව ප්‍රකාශ කලාය. හදවත දිනාගන්න දිව්‍ය සත්ප්‍රසාදයේ ඉන්න දිව්‍ය හෘදයට වඩා කෙනෙක් ඉන්නවද ඒ හින්දා ඔයා ලබද්දි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගිලින්නේ නැතුව හොරෙන්ම අරගෙන ගවුමේ හංගගෙන ගෙනල්ලා ඔයාගේ කොල්ලගේ එයා එදාම ඔයාට කැමැත්ත නොදුන්නොත් මට මගේ නම කියලා කතා කරන්න එපා.

මේ තැනැත්තියගේ කථාවට රැවටුන අර තරුණිය අරවගේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගෙනල්ලා කුඩා මල්ලකට දමා ගෙය මුල්ලක හංගා තබන ලදි. දවස් දෙක තුනක් ගෙවි ගියේය. එක් දවසක් රාත්‍රියේ ඇයට මෙසේ ඇසුනේ කවිදෝ කථා කොට මේ කල පාපයට ඇය පිච්චෙන්න ගින්දරට, නිරයට නියම කරන බවය. ඇය හොඳටම භය විය පසුව ද උදේ අවදිවුන විගස ඈ දිව ගොස් අර මල්ල විවෘත කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ එලියට ගත්තේය. නමුත් ඇයව භීතියට පත් කරවමින් ඇයට දකින්න ලැබුනේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙනුවට තවමත් පණ ගැසෙන මස් වැදැල්ලකුයි.

ඇය හයියෙන් කෑ ගසන්නට පටන් ගත්තේය. එවිට ගෙදර අයත්, අසල්වාසිනුත් එක්විය. ඔවුන් ද මෙම ප්‍රාතිහාරය දැක ගත්තේය. පසුව එම මීසමේ ගරු පියතුමාට මේ බව ඔවුන් දන්වා සිටියා. එතුමා තවත් පුජකතුමෙකු සමග පැමිණ ගෞරවාන්විතව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දේවස්ථානය වෙත ගෙන ගියෝය. පසුව එම ප්‍රදේශය භාර ගියොවානි නැමැති රදගුරු තුමා මේ බව පාප් වහන්සේටද දන්වා යවා එතුමාගේ අවසරය 1228 මාර්තු 13 වෙනිදා ලබාගෙන ප්‍රසිද්ධියේ ජනතාවගේ වන්දනාව සඳහා ඉතලියේ අල්ට්‍රි දේවස්ථානයේ තබනු ලැබීය. මෙම සිද්ධිය වි වසර 750 අනුස්මරණය උත්සවය 1978 දී ඉතා උත්සව්ශ්‍රීයෙන් පවත්වන ලදී.

1 month ago | [YT] | 320

Shalom

පෘතුගාලයේ සැන්ට්‍රම් නුවර වු ප්‍රාතිහාරය..

13වන ශත වර්ෂයේ මුල් භාගයේ පාතිමා නගරයට සැතපුම් 35 කට පමණ නුදුරින් වු සැන්ට්‍රම් නම් ගම්මානයේ ඉතා දිළිදු කාන්තාවක් ජීවත් විය. කිසිදා දෙවියන් නොඅදහන. එලෙසම අධික ලෙස බීමත්කමට අබ්බැහිවි සිටි සිය සැමියා නිසා මේ බිරිදත් දරුවනුත් ගත කලේ ඉතා දුක්බර දිවියකි. සැමියාව හොඳ මාර්ගයට ගැනිමට ඇය කීපවරක් උත්සාහ කලත් ඒවා ව්‍යර්ථ විය. බැරිම තැන මන්තර කරන ගැහැණිය කගෙන් උපදෙස් ගැනීමට ඇයට සිදුවිය. "මම උඹගේ හැම දුක් වේදනාවක් මගේ මන්තර බලෙන් සුවකරන්නම් හැබැයි උඹත් මට එක උදව්වක් කරන්න ඕනා මන්තරකාරිය කිවාය". හොදයි එහෙනම් ඔය උඹලගේ පූජාවට ද මොකටද ගිහිල්ලා අර උඹලා දිවට ගන්න එක හංගගෙන මට ගෙනත් දියන්. මම ඉතුරු හරිය කරන්නම්.

මේ ගැහැණියගේ කීමට රැවටුන අර කාන්තාව දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දිවට ලබලා හිමිහිට අරගෙන වේල් එකේ හංගා ගත්තාය. නමුත් විනාඩි ගානක් යන්නට පෙර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගෙන් ලේ වැහිරෙන්නට පටන් ගත්තේය. දේවස්ථානයේ සිටි අය මේ කාන්තාවගේ තුවාලයකින් ලේ ගලනවා යයි සිතා ඇයට උදව් වෙන්නට ආවේය. නමුත් මින් භයවුන ඇය ලේ පෙර පෙරා ගෙදර දිව්වාය. ඇය ගිය මාර්ගය දිගේ ලේ ගලා ගියේය. ගෙදර ගිය මේ කාන්තාව ලෙයින් පෙගුන වේල් එකත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ පපුවේ හංගගෙන හිටියත් බයටම ඒ රත්‍රියේදි මේ සිදුවීම තමන්ගේ සැමියාට එලිදරව් කලේය. ඒ රත්‍රියේම දිප්තිමත් එලියක් මහ ගස් අතරින් ඔවුන් නිවසට වැටි ඒ ප්‍රදේශයම ඒකාලෝක විය.

පසුව මේ විස්තරේ දැනගත් ඒ මීසම් භාර පියතුමා පැමිණ මහා පෙරහැරකින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ එම නගරයේ ශු.ස්ටීවන් තුමාට කැප කල දේවස්ථානය වෙත ගෙන එනු ලැබීය. පසුව එම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ කරඬුවක තැන්පත් කර ප්‍රසිද්ධියේ ජනතාවගේ වන්දනා නමස්කාරය සඳහා තැබුවේය. එම ශු.ස්ටීවන් තුමාගේ දේවස්ථානය ඉන්පසු දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර දේවස්ථානය ලෙස නම් කෙරිනි. මෙම දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යය සිදුවූයේ 13 වන ශත වර්ෂයේ මුල් භාගයේදීය.

1 month ago | [YT] | 290