නිවාරනා universly clinic

personal tarot reading
076 731 4869


නිවාරනා universly clinic

ඔයාගෙ ජීවිතේ සාර්තකවීම් පිලිබඳ හදිසි වෙන්න එපා..මැණිකක් නිර්මානය වීමේ ක්‍රියාවලිය දින දෙකෙන් සිද්ද වෙන්නෙ නැහැ.ඔයාගෙ සාර්තකත්වයත් එහෙමයි.උපරිම උත්සහය,කැපවීම,මහන්සිය යොදලා,ටිකක් විවේකීයව බලන් ඉන්න හිතින් ඒ කාරනය නිදහස් කරලා..ඔයාට අවශ්‍ය විදියටත් වඩා ඒ දේ සාර්තක වෙලා ඔයා ඉදිරියේ තියේවි..හැබැයි කලබලය,අවිශ්වාසය,බිය ,සැකය තිබුනොත් ඔයාගෙ උත්සහය,කැපවීම,මහන්සිය පුස් දෙයක් බවට පත් වෙනවා.

නිවාරනා 👑️✍️

1 day ago | [YT] | 82

නිවාරනා universly clinic

ප්‍රතිඵලයක් අවශ්‍යනම් ක්‍රියාත්මක වෙන්න..ක්‍රියාත්මක උනානම් කාලයට ඉඩදෙන්න.උත්සහය අත් නොහරින්න..ඔබ වෙනුවෙන් ප්‍රතිඵලය සැකසෙමින් පවතී..

නිවාරනා ✍️🪬

3 days ago | [YT] | 93

නිවාරනා universly clinic

විවාහයට සුදුසු ස්ත්‍රීය

💞
💎රූමත් විය යුතු ය..

💎උඩඟු නොවිය යුතු ය..

💎පරිත්‍යාගශීලී ත්‍යාගවන්ත නිර්ලෝභී කෙනෙක්‌ විය යුතු ය..

💎අනුන්ගේ යහපත දැක කම්පා නොවන, අනුන්ට ඊර්ෂ්‍යා නොකරන, අනුන්ගේ සැපය දැක සතුටු වන, මුදිතා ගුණ තිබිය යුතු ය..

💎අවශ්‍ය තැනදී ක්‍රියාත්මක වීමේ එඩිතර පෞරුෂය තිබිය යුතු ය.. නිවට කෙනෙක් නොවිය යුතු ය..

💎සත්‍යගරුක විය යුතු ය..

💎සිත කය වචනය සංවර විය යුතු ය..

💎ලද දෙයකින් තෘප්තිමත් වන ගුණය තිබිය යුතු ය..

💎පංචේන්ද්‍රියන් පිනවීමට නතු වී සිටින කෙනෙක් නොවිය යුතු ය..

💎කවි ලියන්න කවි ගයන්න කවි වයන්න කාව්‍ය කලා ශාස්ත්‍ර දන්නා කෙනෙක් විය යුතු ය..

💎මව්පිය නෑහිතවතුන්ට ආදරයෙන් යුතුකම් කරන කෙනෙක් විය යුතු ය..

💎තම ස්වාමිපුරුෂයා කෙරෙහි පමණක්ම විශ්වාසවන්තව, ඒකාන්ත නොසැලෙන ප්‍රේමයෙන් හා ගෞරවයෙන් යුක්ත, වෙනත් පුරුෂයන් නොපතන උත්තම චරිතයක්‌ සහිත, පතිවත සුරකින කෙනෙක් විය යුතු ය..

💎සමාජයේ ප්‍රසාදයට පැහැදීමට ලක්‌ව සිටින, සමාජයට ප්‍රසන්න කෙනෙක් විය යුතු ය..

💎මවකගේ හදවත මෙන් සෙනෙහසින් ජීවත් විය හැකි කෙනෙක් විය යුතු ය..

💫මෙවන් ගුණාංගවලින් සපිරි සෙනෙහෙවන්ත ස්ත්‍රීයක් විය යුතු ය..💫

විවාහවීමට කැමැත්තක් හෝ උනන්දුවක් නැති නිසාම, මේ සියළු ගුණාංග සහිත ස්ත්‍රියක් සොයන්න කිව්වොත් නම් එවැන්නියක් සොයාගත නොහැකි නිසා,
විවාහය මගහැර සිටීමට හැකි වේවි යන අරමුණින් මේ කරුණු පියරජුට පැවසූවත්,
සංසාරගත හුරුපුරුදු බැතිබර පාදපරිචාරිකාවිය
ඔහු කැමති ආකාරයේම ගැහැණුකමින් පෝෂිතව සිටියා ය..💜

ඔහුටම සමාන සම සිතුවිලි සංඛ්‍යාත සහිතව, ඔහුගේම ගුණයන්හි කැඩපතක් බඳු ඒ ස්ත්‍රී ස්වරූපය, ඒ අවසන් ආත්මභාවයේදී
මහා සෙනෙහසින් නැවත වරක් මුණගැසුනි..💜 ඒ සිද්ධාර්ථ යශෝදරා උත්තුංග ප්‍රේමයයි.💜

✍️ස0සලා

මෙවැනි ස්ත්‍රීයක් විවාහා කරගැනීමටනම් පිරිමි පාර්ශවය තුලද මෙබඳු ගුනයන් තිබිය යුතුය..🥰

1 week ago | [YT] | 61

නිවාරනා universly clinic

ඉස්සරනම් ආදරේදි ලැබෙන දේ ගැන ගොඩක් හිතුවා..වද උනා..හැබැයි දැන් හාත්පසින්ම වෙනස්..ලැබෙන දේ ගැන දශමයකවත් බලාපොරොත්තුවක් නැතිවම දෙන්න පුලුවන් උපරිම දේ දෙන්න පුලුවන් පරිනත මනුස්සයෙක් වෙලා මං..මං හිතනවා සැබෑ ආදරේ ඒක කියලා..මාලිගාවක් ගෙනත් දුන්නත්,ටොපියක් ගෙනත් දුන්නත් ඒ දෙකම මට එක සමානයි.තමන්ට තමන් ආදරේ කරන්න පටන් ගන්නකොට ,කිසිම දෙයක් අනිත් අයගෙන් බලාපොරොත්තු නොවී,උපරිමයෙන් දෙන්න පුලුවන් හැකියාව ලැබෙනවා..

හැම කෙනෙක්ටම මෛත්‍රී සහගතව ආදරේ පතුරන මනුස්සයෙක් වෙච්ච මට,තව කෙනෙක්ගෙ ආදරය අවශ්‍යමයි කියලා දැනෙන්නෙ නැහැ.

හැබැයි එයාට මං ගොඩක් ආදරෙයි..❤️✨️💫
දවස අවසානයේ මගේ සිතිවිල්ල..

නිවාරනා 👑️✍️

1 week ago | [YT] | 83

නිවාරනා universly clinic

📌 අම්මලාට පොඩි පණිවිඩයක්…

අම්මේ…
O/L result එකක් දරුවෙක්ගේ ජීවිත තීරණය කරන්නේ නෑ.
එක exam එකක් fail වුනා කියලා, ඒ දරුවා fail කෙනෙක් වෙන්නේ නෑ.
දරුවෙක්ට marks වලට වඩා,
ඔයාගේ වචන වැදගත්.
ඔයාගේ ආදරේ වැදගත්.
ඔයාගේ විශ්වාසය වැදගත්.

“ඇයි මෙහෙම වුනේ?” කියලා අහන එකට වඩා
“හරි පුතේ/දුවේ… අපි එකට මේක හදමු” කියන වචනය
එයාගේ ජීවිතේ බේරාගන්න පුළුවන්.
දරුවෝ බය වෙන්නේ fail එකට නෙමෙයි…
අම්මගේ මුහුණේ හතුරා වගේ පෙනෙන නිශ්ශබ්දතාවට.

අම්මේ…
Marks ටිකක් නිසා
ඔයාගේ දරුවාගේ හදවත කඩා දමන්න එපා.
ඒක ජීවිතේ එක පියවරක් විතරයි.
ඔයාගේ ආදරේ නම් එයාගේ සම්පූර්ණ ලෝකය. ❤️

(අම්මලා හැමදේම කියන්නෙ කරන්නෙ ආදරේට,ඒත් සමහරවිට ඒක දරුවට නොදැනුවත්ව අදික පීඩනයක් ඇති කරන්න පුලුවන් .පාසලෙන්,ටියුශන් පන්තියෙන්,ගෙදරින්,නෑදෑයින්ගෙන් හැම පැත්තෙන්ම යෝජනා,චෝදනා එද්දි ,දරුවන්ගෙ මතක ශක්තිය උනත් අඩු වෙන්න පුලුවන් ..බය කරන්න,නෙමෙයි..අවබෝදය සඳහා)
==================================
(ටිකක් දරුවට stress ඇති අම්මේ..එයා ආස තැනකට ඇවිදින්න එක්ක යන්න..එයා ආස දෙයක් කරන්න පොඩි කාලයක් දෙන්න.".මේ exam එක වැදගත් තමයි.හැබැයි කලබල නොවී ,සැහැල්ලුවෙන් මේකට මුහුන දෙන්න ඕනි,පුතා උත්සහ කරනවනේ,හොද results අනිවාර්යයෙන් ම තියෙනවා.අම්මා ඕනි දෙයකට ලගින් ඉන්නවා "කියන හැඟීම දරුවට දෙන්න..සැහැල්ලු කරන්න..

සියලු කරදර බාදක දුරු වී මනස නිරවුල් වී,දරුවට මේ සඳහා යහපත්ව ඉදිරිපත් වීමට මනස ශක්තිමත් වේවා..විශ්වයේ ශුබ ශක්තීන්ගේ ආශිර්වාදය මඟපෙන්වීම ලැබේවා..🪬🧿💫✨️

ඔයාගෙ යහපත් ආශිර්වාදයත් ලබා දෙන්න ..අම්මටයි දරුවටයි සහනයක් වෙයි..

නිවාරනා ✍️

1 week ago | [YT] | 103

නිවාරනා universly clinic

ප්‍රමාදවීම කියන්නෙ අසාර්ථක වීමක් නෙමෙයි .සමහරවිට එය විශිෂ්ඨ ගමනක ආරම්භය වෙන්නත් පුලුවන් ..

1 week ago | [YT] | 89

නිවාරනා universly clinic

🖤ඔයා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන තැනට පොළඹවා ගන්න, මිනිසුන් ඔබට ඇබ්බැහි කරගන්න පුළුවන් අඳුරු මනෝවිද්‍යාත්මක රහස් ක්‍රමවේදය

මිත්‍රවරුනි අපි හැමෝම කැමතියි සමාජයේ කැපී පෙනෙන සුපිරි චරිතයක් වෙන්න තව කෙනෙක් අපිට ආදරය කරනවාට වඩා අපිට ඇබ්බැහි වෙනවා නම් ඒක අමුතුම බලයක් වගේ දැනෙන්නවා නේද..? හැබැයි මේකේ ඇතුළේ තියෙන්නේ හරිම අඳුරු, භයානක මනෝවිද්‍යාත්මක ක්‍රීඩාවක්...

අපිට හමුවුන සමහර මිනිස්සු ඉන්නවා නේද අපිට ඔවුන්ව දාලා යන්නම බැරි.. ඔවුන් අපිට නරක විදියට සැලකුවත්, අපිව මගහැරියත්, ආයෙමත් සැරයක් අපි ඔවුන් පස්සෙම දුවනවා... මේක අහම්බයක් නෙවෙයි මිත්‍රවරුනි... මේක Dark Psychology වල එන සැලසුම් සහගත උගුලක්...

අද අපි කතා කරමු කෙනෙක්ව මානසිකව තමන්ට වහලෙක් කරගන්නා ඒ අඳුරු උපක්‍රම ගැන... (හැබැයි මිතුරනි මතක තබා ගන්න නයිFM අපි මේවා ඔයාලාට කියලා දෙන්නේ තවත් කෙනෙක්ව රවට්ටන්න නෙවෙයි, තවත් කෙනෙක්ගේ රූකඩයක් නොවී ඉන්නයි)

1. Intermittent Reinforcement "සමහර විට ලැබෙන ආදරය"

මේක තමයි අඳුරු මනෝවිද්‍යාවේ තියෙන ප්‍රබලම ආයුධය... සූදු ක්‍රීඩාවට මිනිස්සු ඇබ්බැහි වෙන්නේ ඇයි කියලා ඔයා හිතලා තියෙනවද? ඒ හැම වෙලාවෙම දිනන්නේ නැති නිසා... හැබැයි කවදා හරි දිනයි කියන බලාපොරොත්තුවක් තියෙනවා...

සම්බන්ධතාවයකදී කෙනෙක් මේක කරන්නේ මෙහෙමයි

දවසක් ඔවුන් ඔබට ලෝකයේ ඉන්න වටිනාම කෙනා වගේ සලකනවා... අධික ලෙස ආදරය දෙනවා... ඊළඟ දවසේ කිසිම හේතුවක් නැතුව නිහඬ වෙනවා... ඔබව මගහරිනවා... ඔබ ව්‍යාකූල වෙලා ඔවුන් පස්සෙන් යනකොට, ආයෙමත් ටිකක් ආදරය පෙන්නනවා.

මේ අස්ථාවරත්වය නිසා ඔබේ මොළයේ Dopamine මට්ටම පාලනය වෙන්නේ ඔවුන්ගේ අතින් ඔබ නොදැනුවත්වම ඔවුන් ලබාදෙන ඒ පුංචි ආදරය හිඟාකන මට්ටමට පත් වෙනවා...

2. Love Bombing මුලින්ම පාරාදීසයක් පෙන්වීම
ඕනෑම කෙනෙක් ඇබ්බැහි කරගන්න නම් මුලින්ම ඔවුන්ව ලෝකයේ ඉහළම තැනක තියන්න ඕනේ... සම්බන්ධතාවයක මුල් දින කිහිපයේදී හෝ සති කිහිපයේදී ඔවුන් ඔබට පුදුමාකාර විදියට අවධානය දෙනවා. ඔයා වගේ කෙනෙක් මට හමු වෙලාම නැහැ, මගේ මුළු ලෝකයම ඔයා වගේ වචන වලින් ඔබව නවනවා.

මේකේ අරමුණ ඔබේ Defense Mechanisms බිඳ දමන එක ඔබ ඔවුන්ට සම්පූර්ණයෙන්ම විවෘත වුණාට පස්සේ, ඔවුන් හෙමින් සැරේ මේ ආදරය අඩු කරන්න ගන්නවා. එතකොට ඔබ කරන්නේ ඒ අහිමි වුණ පරණ පාරාදීසය හොයාගෙන ඔවුන් පස්සෙන් යන එකයි...

3. The Push and Pull Effect තල්ලු කිරීම සහ ඇද ගැනීම
මිනිස් මනස සැමවිටම උත්සාහ කරන්නේ තමන්ගෙන් ඈත් වෙන දේ අල්ලා ගන්නයි අඳුරු උපක්‍රම පාවිච්චි කරන අය මුලින්ම ඔබව තමන්ට සමීප කරගන්නවා. ඔබ ඔවුන්ට පුරුදු වුණාම හදිසියේම ඔවුන් ඈත් වෙනවා

ඔවුන් ඈත් වෙනකොට ඔබට දැනෙන්නේ ලොකු අනාරක්ෂිත බවක් ඒ අනාරක්ෂිත බව මකාගන්න ඔබ ඔවුන්ව තදින් බදාගන්න උත්සාහ කරනවා මෙන්න මේ සීතල-උණුසුම් සෙල්ලම හරහා ඔවුන් ඔබේ හැඟීම් පාලනය කරන රිමෝට් එක අතට ගන්නවා.

4. Gaslighting ඔබේම බුද්ධිය ගැන සැකයක් ඇති කිරීම

"මම එහෙම කිව්වේ නැහැ, ඔයාට පිස්සු", "ඔයා ඕනෑවට වඩා හිතනවා" – මේ වචන ඔයා අහලා තියෙනවා නේද? මෙය ඉතාමත් Toxic ක්‍රමයක්. ඔවුන් කරන වැරදි වලට වැරදිකාරයා ඔබ බවට පත් කරනවා අවසානයේදී ඔබ ඔබේම තීරණ ගැන විශ්වාසය නැති කරගෙන, හැමදේකටම ඔවුන්ගෙන් උපදෙස් සහ අනුමැතිය බලාපොරොත්තු වෙනවා. කෙනෙක්ව ඇබ්බැහි කරගන්න මීට වඩා හොඳ ක්‍රමයක් තවත් නැහැ.

⚠️ මිතුරනි අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ අභියෝග ජයගන්න කෙනෙක් අපිට ආදරය නොදෙන කොට, ඒ ආදරය දිනාගැනීම අපි Challenge එකක් විදියට ගන්නවා අඳුරු පුද්ගලයන් කරන්නේ ඔබේ මේ ස්වභාවික ගතිය පාවිච්චි කරලා ඔබව මංමුළා කරන එකයි.

🛡️ මෙයින් බේරෙන්න ඕනනම්
අවධානයෙන් ඉන්න කෙනෙක් ඔබට සලකන විදිය නිතරම වෙනස් වෙනවා නම්, ඒක ආදරය නෙවෙයි සූක්ෂම ලෙස මෙහෙයවීමක් බව තේරුම් ගන්න.

ඔබේ සතුට තව කෙනෙක්ගේ වචනයක් හෝ මැසේජ් එකක් මත තීරණය වෙන්න ඉඩ දෙන්න එපා. ඔබට රිදෙන තැනදී එපා කියන්න පුරුදු වෙන්න. ඔබව පාලනය කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න එපා,.

ආදරණීය මිතුරනි සැබෑ ආදරය කියන්නේ සිරගෙයක් නෙවෙයි, නිදහසක්. කෙනෙක් ඔබට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒකේ තියෙන්නේ ආදරයට වඩා "බය" සහ "අස්ථාවරත්වය" කියන සාධකයි. මතක තියා ගන්න, වටිනාම දේ ඔබ ඔබේ මානසික නිදහස රැකගැනීමයි. තවත් කෙනෙක්ගේ අඳුරු ක්‍රීඩාවක ඉත්තෙක් වෙන්න එපා, ඒ වගේම මේ ක්‍රම බාවිතා කරලා කවුරුවත් රවට්ටන්න එපා, ශිල්පය දැනගෙන අවංකව ජීවත් වෙන්න, 🧠✨


සටහන_නයිFM_

1 week ago | [YT] | 50

නිවාරනා universly clinic

කවුරුත් ඔයාව ප්‍රතික්ෂේප කළාට,
පහත් කළාට,
“ඔයාට බැහැ” කියලා ලේබල් ගැහුවාට…
👉 Never internalize external rejection.
මතක තියාගන්න .ඒක ඔයාගෙ worth එක නෙවෙයි, ඒක ඔවුන්ගෙ perception එක විතරයි.

🧠 මනෝවිද්‍යාත්මකව කියනවා නම්,
Self-concept එක බිඳෙන්නෙ,
අනිත් අයගේ අදහස් අපි negative self-talk එකක් කරගත්තොත් විතරයි.

✨ Your value is intrinsic.
ඔයාගෙ වටිනාකම
likes, approval, validation වලින් මනින්න බැහැ.
❌ “මට බැහැ”
❌ “මං වටින්නේ නැහැ”
කියන thoughts එන්නේ
👉 Cognitive distortions වලින්.
ඒවා facts නෙවෙයි ,temporary thoughts විතරයි.

🌱 Healthy self-esteem කියන්නේ,
කවුරුත් විශ්වාස නොකලත්,
ඔයාම ඔයාව විශ්වාස කරන එක.
💪 Resilience කියන්නේ
කවදාවත් වැටෙන්නෙ නැති එක නෙවෙයි,
වැටුණත්
“මං තවම වටිනා කෙනෙක්”
කියලා නැගිටින්න පුළුවන් එක.

🫶 Don’t downgrade yourself to fit someone else’s comfort.
අනිත් අයට easy වෙන්න කියලා
ඔයා small වෙන්න ඕනි නෑ.

✨ Always remember this:
ඔයා too much නෙවෙයි.
ඒ අයට ඔයාගෙ value එක දැකගන්න emotional capacity එක තිබ්බේ නෑ.
You are valuable ,even when misunderstood.

නිවාරනා 👑️✍️

2 weeks ago (edited) | [YT] | 47

නිවාරනා universly clinic

දකින දකින කෙනා එක්ක නිදාගත්තම උඹේ "Aura" එකට වෙන දේ. 🧬⚡

ලිංගිකත්වය (Sex) කියන්නේ නිකන්ම විනාඩි 10 ක ආතල් එකක් ද? නැත්නම් ඊට වඩා එහා ගිය ගැඹුරු "Energy Exchange" එකක් ද?

අපි කෙලින්ම කතා කරමු. උඹ හිතන් ඉන්නේ කොන්ඩම් එකක් දැම්මම උඹ "Safe" කියලා. ඔව්, භෞතිකව (Physically) උඹ Safe වෙන්න පුළුවන්. ලෙඩක් බෝ නොවෙන්න පුළුවන්. ළමයි නොහැදෙන්න පුළුවන්.

හැබැයි මචං, Energy (ශක්තිය) කියන දේට රබර් වලට උඩින් පැනලා යන්න පුළුවන්. 🚫🛡️

කෙනෙක් එක්ක නිදාගන්නවා කියන්නේ, උඹ ඒ මනුස්සයාගේ ශරීරයට විතරක් නෙවෙයි, එයාගේ "Aura" (ප්‍රභා මණ්ඩලය) එක ඇතුලටත් රිංගනවා කියන එකයි.

දකින දකින කෙනා එක්ක නිදාගත්තම උඹේ ජීවිතේට ඇත්තටම වෙන විනාශය මෙන්න මේකයි:

1. The Invisible Download (නොපෙනෙන කුණු ගොඩ) 📥

උඹ කාත් එක්ක හරි ලිංගිකව එකතු වෙනවා කියන්නේ, උඹ නිකන්ම Bluetooth Pair කරනවා වගේ වැඩක්. එතනදි උඹේ Energy එක එයාට යනවා, එයාගේ Energy එක උඹට එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි:

එයා ඩිප්‍රෙෂන් එකෙන් ඉන්න කෙනෙක් නම්,

එයාගේ ජීවිතේ පුරාම අවාසනාව (Bad Luck) තියෙනවා නම්,

එයාට පරණ Ex ලා ගැන කේන්තියක් තියෙනවා නම්,

එයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා නම්,

අර ලිංගික එක්වීමේදී, එයාගේ ඒ "Negative Karma" සහ "Trauma" ඔක්කොම වයිරස් එකක් වගේ උඹේ සිස්ටම් එකට Download වෙනවා. ඊටපස්සේ උඹට නිකන්ම එපා වෙනවා, තරහා යනවා, කරන වැඩ හරියන්නේ නෑ. උඹ හිතන්නේ ඒක ග්‍රහ අපලයක් කියලා. නෑ මචං, උඹ අනුන්ගේ කුණු ගොඩක් උඹේ ඇඟට දාගෙන.

2. Fragmented Aura (හිල් වුණු පූර්ණත්වය) 🧩

බලවත්, පිරිසිදු Aura එකක් තියෙන මනුස්සයෙක්ට (High Value Man/Woman) ඕනම කෙනෙක් ආකර්ෂණය වෙනවා. ඒක හරියට ලයිට් එකක් වගේ. හැබැයි ඔයා තැන් 10 කින් කෑවොත්, ඔයාගේ Aura එක තැන් 10 කට කැඩෙනවා.

උඹේ ආත්මයෙන් කෑල්ලක් එයා ගාව.

එයාගේ ආත්මයෙන් කෑල්ලක් උඹ ගාව. අන්තිමට උඹේ Aura එක නිකන් "පරණ රෙදි කෑල්ලක්" වගේ දුර්වර්ණ වෙනවා. එහෙම වුණාම උඹේ ජීවිතේ ලැබෙන්න ඕන "නියම දේවල්" (High Quality Partners, Money, Success) උඹව මඟඇරලා යනවා. මොකද උඹේ Magnet එකේ පවර් නෑ.

3. Soul Ties (ආත්මීය ගැටගැසීම්) 🔗

කවදාහරි දැනිලා තියෙනවද, සමහර අයව ජීවිතෙන් අයින් කළාට පස්සෙත්, එයාලා ගැන අමුතු මතකයක්, බරක් දැනෙනවා? ඒකට කියන්නේ "Soul Tie" එකක් කියලා. උඹ කාත් එක්ක හරි ලිංගිකව හැසිරුණාම, උඹ එයා එක්ක නොපෙනෙන නූලකින් ගැටගැහෙනවා. උඹ තැන් 5 ක නිදාගත්තොත්, උඹේ Energy එක තැන් 5 කට ඇදිලා තියෙන්නේ. උඹට ඉස්සරහට යන්න අමාරුයි, මොකද උඹ පස්සට ඇදෙනවා.

විසඳුම මොකක්ද?

උඹේ ශරීරය කියන්නේ "Public Toilet" එකක් නෙවෙයි, ඕන එකෙක්ට ඇවිත් වැඩේ කරලා යන්න. උඹේ ශරීරය කියන්නේ "Temple" (දේවාලයක්) එකක්. ඒකට ඇතුල් වෙන්න දෙන්න ඕන පූජා වට්ටියක් අරන් එන, ඒකට ගරු කරන කෙනෙක්ට විතරයි.

Detox: උඹේ වටිනාකම තේරුම් ගනින්. හැමෝටම උඹව Access කරන්න දෙන්න එපා.

Retention: උඹේ ලිංගික ශක්තිය (Sexual Energy) කියන්නේ උඹේ නිර්මාණාත්මක බලය (Creative Power). ඒක කුණු බක්කි වලට හලන්නේ නැතුව, උඹේ දියුණුවට යොදවපන්.

මතක තියාගනින්: "මිල අධිකම දේවල් තියෙන්නේ ප්‍රයිවට් තැන්වල. ලාභ බඩු විතරයි හැමෝටම අතගාලා බලන්න පුළුවන් විදිහට පේමන්ට් එකේ තියෙන්නේ."

උඹ කවුද කියලා තීරණය කරපන්. 🥃✨

මේක තේරුම් ගන්න පුළුවන් 1% කට විතරයි.

- 𝗔𝗻𝗼𝗻𝘆𝗺𝗼𝘂𝘀 𝗟𝗼𝘃𝗲𝗿 -
[👁️ See Beyond the Illusion]

2 weeks ago | [YT] | 95