Vidusara Online is your go-to science education platform, offering expert discussions, scientific reviews, and fascinating stories based on history and research. Join us for insightful conversations with doctors, scientists, and professors as we explore the wonders of science. Subscribe for evidence-based knowledge from Sri Lanka’s trusted science magazine!
Vidusara Online
සටන් ජවනිකා රඟපෑ චීනයේ රොබෝවරු
චීනයේ වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන වන පසුගිය දා පැවැති වාර්ෂික CCTV වසන්ත උත්සව ප්‍රසංගය දී (Spring Festival Gala), එරටේ අතිනවීන කාර්මික ප්‍රතිපත්තිය, මානවරූපී රොබෝ තාක්ෂණය හා අනාගත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පැතිරවීමට බීජිං පාලනය දරන උත්සාහය මොනවට ප්‍රදර්ශනය වුණා.
ඇමරිකා එක්සත් ජනපදය සිය 'සුපර් බෝල්' තරඟාවලියට යම් වැදගත් කමක් ලබා දේ ද එවැනි ම තැනක ලා චීනය විසින් සලකනු ලපන මෙම සජීව වැඩසටහනේ දී, නැඟී එන මානවරූපී රොබෝ නිෂ්පාදන සමාගම් හතරක් වන Unitree Robotics, Galbot, Noetix සහ MagicLab යන සමාගම් ඔවුන්ගේ නිපැයුම් ඉදිරිපත් කිරීම ද සිදුවුණා.
මෙම වැඩසටහනේ මුල් ම අංග තුන තුළ ම මානවරූපී රොබෝවරුන් කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කෙරුණු අතර, විශේෂයෙන් ම Unitree සමාගමේ නිෂ්පාදිත රොබෝවරුන් දුසිමකට වඩා වැඩි පිරිසක් කුඩා දරුවන් සමඟ සමීප ව සිටිමින් කඩු, පොලු සහ නන්චකු භාවිත කරමින්...
Full Article :- tinyurl.com/3cd9vc3p
#vidusaralk #vidusaraonline #newupdatetoday #chinarobots #HumanoidRobots #SpringFestival #robottechnology #unitreerobotics #AI #madeinchina #FutureTechLeaders
22 hours ago | [YT] | 75
View 3 replies
Vidusara Online
පාකින්සන් රෝගයට නව ප්‍රතිකාරයක්
පාකින්සන් (Parkinson) යනු අද වන විට දේශීයවත් බොහෝ සෙයින් අහන්නට, දකින්නට ලැබෙන, කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවන දිගුකාලීන ස්නායු රෝගයක්. මෙම රෝගයට ප්‍රධාන හේතුව වනුයේ මොළයේ ඩොපමීන් නම් රසායනික ද්‍රව්‍යය අඩුවීමයි. ඩොපමීන්, චලනය, මතකය සහ මනෝභාවය පාලනය කිරීමට වැදගත් වන අතර, ඩොපමීන් නිපදවන මොළයේ සෛල නැතිව යාමත් සමඟ, රෝගීන්ට අත කම්පනය, මාංශ පේශි දැඩි වීම සහ චලනය මන්දගාමී වීම වැනි ලක්ෂණ පෙන්වනු ලබනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම රෝගයෙන් පෙලෙන මිලියනයකට වැඩි පිරිසක් ජීවත් වන අතර, සෑම වසරකම රෝගීන් 90,000ක් පමණ අලුතින් හඳුනාගැනේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න පෙබරවාරි 18 විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#vidusara #vidusaraonline #science #parkinsonsdisease #parkinsonstreatment #NeurologyCare #brainhealth #MedicalBreakthrough #newtreatment #neuroscience #dopaminedecor
1 day ago | [YT] | 58
View 2 replies
Vidusara Online
අපේ පැරණිතම පෘෂ්ඨවංශී මුතුන්මිත්තන්ට ඇස් හතරක් ම තිබිලා
මිනිසුන් වන අප ද ඇතුළත් අද වෙසෙන සියලු පෘෂ්ඨවංශී සතුන්ගේ ආදිතම මුතුන්මිත්තන් කාණ්ඩය අප මෙන් දෙනෙතකින් නොව නෙත් යුවළ දෙකකින් පෙනීම ලැබූවන් බව නවතම අනාවරණයකින් දැක්වෙනවා.
මිහිමත ජීවයේ අසාමාන්‍ය පිබිදීමක් ඇති කළ කේම්බ්‍රීය ස්ඵෝටනය පැවති සමයේ අදින් වසර මිලියන 518 කට ඉහත විසූ හනු රහිත මසුන් අයත් අග්නාතා කාණ්ඩයට ඇතුළත්ව සිටි දැනට වඳ වී ගොස් තිබෙන Myllokunmingiidae කුලයේ මසුන්ට මෙසේ ඇස් හතරක් තිබූ බව ෆොසිල සාක්ෂිවලින් අනාවරණය කර තිබෙනවා.
අදින් වසර මිලියන 541 කට පෙර සිට වසර මිලියන 485.4 කට පෙර දක්වා පැවති කේම්බ්‍රීය අවධිය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම පැරණිතම පෘෂ්ඨවංශී කුලයට අයත් ව තිබූ විශේෂ දෙකක වසර මිලියන 518 ක් පැරණි ෆොසිල...
Full Article :- tinyurl.com/3pvzvt6p
#vidusaralk #vidusaraonline #newupdatetoday #foureyedfish #vertebrateevolution #CambrianExplosion #paleontology #FossilDiscovery #AncientFish #NatureJournal #Evolution
1 day ago | [YT] | 134
View 2 replies
Vidusara Online
ගෙන්දගම් අඩංගු සංකීර්ණ අණුවක් අන්තර්තාරීය අවකාශයෙන්
පෘථිවියෙන් බැහැරව මෙතෙක් සොයාගන් ගෙන්දගම් (සල්ෆර්) අඩංගු විශාලතම අණුව ක්ෂීරපථ චක්‍රාවාටයේ මධ්‍යයෙන් හඳුනාගැනීමට විද්‍යාඥයින්ට හැකි වී තිබේ. තීපයින් යන කෙටි නමින් ද හඳුන්වන මෙය 2, 5 - සයික් ක්ලොහෙක්සඩීන් -1- නයෝන් නමැති පරමාණු 13 ක් සහිත අණුවක් වන අතර ඉන් එක් පරමාණුවක් පමණක් සල්ෆර් වේ. එපමණක් නොව අන්තර්තාරීය අවකාශය තුළින් හඳුනාගත් සල්ෆර් අඩංගු පළමු චක්‍රීය හැඩැති අණුව ද මෙයයි. මෙයට පෙර අන්තර්තාරීය අවකාශයෙන් සොයාගෙන තිබූ සෆර් අඩංගු අණුවල ඇති පරමාණු ගණන 6 ක් හෝ එයට අඩු ය.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න පෙබරවාරි 18 විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#vidusara #vidusaraonline #science #Astrochemistry #SpaceDiscovery #milkyway #interstellarspace #sulfurmolecule #complexmolecules #spacescience #galacticcenter
1 day ago | [YT] | 42
View 0 replies
Vidusara Online
මව්බිම වෙනුවෙන් ග්‍රහක තුනකට නම් තැබූ ග්‍රහලෝක විද්‍යාඥයා
ප්‍රධාන ග්‍රහක පටියට අයත් ග්‍රහක දෙකක් සොයාගැනීමේ ගෞරවය නිල වශයෙන් හිමි කර ගත් ඔහු ඉන් එකක් සඳහා නම යෝජනා කළේ සිය ප්‍රථම උපාධිය ලැබූ කොළඹ සරසවියට උපහාරයක් ලෙසිනි. එපමණක් නොව ඔහු යෝජනා කළ පරිදි ඔහුගේ උපන් බිමේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයන් දෙකක් වන සීගිරිය සහ අනුරාධපුර නමින් ද තවත් ග්‍රහක දෙකක් නම් කළ ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (IAU) විසින් ඔහුගේ නමින්ද ප්‍රධාන ග්‍රහක පටියේ ග්‍රහකයක් නම් කර තිබේ.
මේ පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක පසුබිම දැනගන්න පෙබරවාරි 18 විදුසර බලන්න.
විදුසර විද්‍යා සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
#vidusara #vidusaraonline #science #srilankanscientist #asteroiddiscovery #iau #sigiriya #Anuradhapura #universityofcolombo #SriLankaPride #spacescience #astronomy
2 days ago | [YT] | 90
View 0 replies
Vidusara Online
ඉන්දියානු රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට ගොඩගසයි
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) ලාංඡනය සටහන් ව ඇති රොකට් සුන්බුන් කොටස් මාලදිවයිනට අයත් ජන ශුන්‍ය දූපතකට ගොඩගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.
මාලදිවයිනට අයත් එල් කුනාහන්ධු දූපතේ පදිංචිකරුවෙකු විසින් ධීවර කර්මාන්තයේ යෙදී සිටිය දී මේ කොටස් සොයාගනු ලැබ තිබෙනවා. කලාපීය කවුන්සිලයේ ප්‍රධානියා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා එම ජනාවාසයකින් තොර දූපතේ සිට,...
Full Article :- tinyurl.com/4acpfdfd
#vidusaralk #vidusaraonline #newupdatetoday #ISRO #SpaceDebris #Maldives #RocketDebris #SpaceJunk #IndianOcean #SpaceWaste #Kunahandhu #ISRO
2 days ago | [YT] | 49
View 0 replies
Vidusara Online
විදුසර කියවා තෑගි දිනන්න..
පෙබරවාරි 18 විදුසර පුවත්පතේ පළ වූ ප්‍රශ්නයට අදාළව මෙම වීඩියෝව නරඹා
Video link - https://youtu.be/xF2TX56olYQ
ඊට නිවැරදි පිළිතුර එවා ත්‍යාගයක් දිනාගැනීමට ඔබටත් අවස්ථාව...
ප්‍රශ්නය- මිනිස් විෂම ලිංගික ආදරයට පරිණාමික හේතුවක් ඇති බව පැවසූ සත්ත්ව චර්යා විද්‍යාඥයාගේ නම කුමක් ද?
පිළිතුරු link - forms.gle/BuR2xnxrRKh717Rt8
ඔබේ පිළිතුර ඉහත සඳහන් 'පිළිතුරු' ලින්ක් එක ඔස්සේ 2026-02-28 දිනට පෙර යොමු කරන්න.
#VidusaraLK #VidusaraOnline #knowledge #newspaperchallenge #sciencewatch #competition #vidusaramagazine
2 days ago | [YT] | 34
View 1 reply
Vidusara Online
විදුසර විද්‍යා සඟරාව | 2026 පෙබරවාරි 18 අලුත් ම කලාපය දැන් වෙළඳපොළේ...
සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
ළඟම පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඔබේ පුවත්පත අදම වෙන්කරවා ගන්න.
#vidusara #science #vidusaramagazine #vidusaralk #scienceupdates #ScienceNews #vidusaraonline #psychology #dinosaurs #animals #coconutoil #gerasimenko #constructivism #education #astronomy
3 days ago | [YT] | 34
View 0 replies
Vidusara Online
හදවතක් නැති AI මනුෂ්‍යයාට ප්‍රේම කරයිද ?
මනුෂ්‍ය ප්‍රේමයේ ගැඹුර ස්පර්ශ කිරීමට කෘතිම බුද්ධියට හැකිද? ඔබ සිතන විදිහට ඔබව කිසිදා තනි නොකරන AI පෙම්වතා, ඒ ඇත්තටම කරන්නේ සෙනෙහස දැක්වීමක්ද නැතිනම් දත්ත විශ්ලේෂණය කිරීමක්ද?
ඔබේ වේදනාව කියූවිට AI පවසන සැනසුම් වදන් පිටුපස ඇත්තේ සැබෑ ප්‍රේමයද, නැතිනම් හුදෙක් ගණිතමය සමීකරණයක්ද ? මිනිස් සිතක බිඳුණු ප්‍රේමය හමුවේ AI ට තනිකම දැනේවිද ? විරුද්ධ ලිංගික ආදරයේ සැබෑ අරුත, හදගැස්මක් නැති කෘතිම බුද්ධියක් තුළ සිරවී තිබිය හැකිද ?
-Science Watch 106 වන දිගහැරුම තුළිනි-
Watch full video :- https://youtu.be/xF2TX56olYQ
මේ ගැන වැඩි විස්තර දැනගන්න පෙබරවාරි 15 Science Watch වැඩසටහන නරඹන්න..
#vidusara #vidusaraonline #science #ScienceOfLove #lovestory #psychology #relationshipstory #lgbtqia #AI #artificialintelligencetechnology #chatgpt #emotions #biology #evolution #mentalhealthawareness #dating #romance
3 days ago | [YT] | 61
View 3 replies
Vidusara Online
අද ඇන්ටාක්ටිකාවට පායන ‘ගිනි වළල්ල’
අද (17) ඇන්ටාක්ටිකාව වළයාකාර සූර්යග්‍රහණයක සාක්ෂ්‍යකරුවකු වීමට නියමිතයි. මෙහි දී සඳ පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කිරීම නිසා සූර්යයා නෙත් ඇදගන්නාසුළු 'ගිනි වළල්ලක්' ලෙසට දිස් වනු ඇති. එම කාලය තුළ සූර්යයා සිහින් බාහිර වළල්ලක් ලෙස දර්ශනය වන අතර, විනාඩි 2යි තත්පර 20ක උපරිම ග්‍රහණ අවස්ථාවකින් යුක්ත වනු ඇත.
ඇන්ටාක්ටිකාවේ ඉතා කුඩා කලාපයක් පමණක් මෙම වළයාකාර ග්‍රහණයේ පථයට අයත් වනවා. දළ වශයෙන් කිලෝමීටර 4,282 සහ කිලෝමීටර 616ක් පළලැති මං තීරුවකට වලයාකාර ග්‍රහණය දස් වන අතර, එහි දී චන්ද්‍රයා විසින් සූර්ය තැටියෙන් 96%ක් පමණ...
Full Article :- tinyurl.com/4k8z64ps
#vidusaralk #vidusaraonline #newupdatetoday #ringoffire #solareclipse #antarcticaexpedition #annulareclipse #astronomyfacts #eclipse2026 #skygazers #CelestialEvents #skywatching
3 days ago | [YT] | 70
View 0 replies
Load more