Chiranjeewani astrology | චිරංජීවණී ජ්‍යොතිෂ සේවය
සියලුම ජ්‍යොතිෂය කටයුතු සදහා අමතන්න.
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
---------------------------------------------------
Contact : +94 719340715
Whats App : +94 719340715
පේස් බුක් පේජ් එකට පහල ලින්ක් එකෙන් Like කරන්න
www.facebook.com/profile.php?id=100082665344672&am…
Like 👍 comment 🖊️Share
අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Thanks...
#chiranjeewani #chiranjeewaniastrology #lagnapalapala #2024lagnapalapala #astrology #astrologysinhala
@chiranjeewaniastrology
Chiranjeewani Astrology
78 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු.! 🇱🇰
78 ஆவது சுதந்திர தினத்தை கொண்டாடுவோம்.!
Let's Celebrate 78th Independence Day.!
2 weeks ago | [YT] | 24
View 0 replies
Chiranjeewani Astrology
අපගේ YouTube නාලිකාව 50,000 ග්‍රාහකයින්ගේ සීමාව ඉක්මවා ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු!
ඉතාම කෙටි කාලයකින් 50,000 ක ග්‍රාහකයන් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඇත. ඔබ සැමගේ විශ්වාසය සහ සහයෝගය අප ඉමහත් ගෞරවයක් කොට සලකන්නෙමු. ඔබගේ ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ජ්‍යොතිෂය හරහා ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.
සතිපතා ලග්න පලාඵල, මාසික ලග්න පලාඵල මෙන්ම විශේෂ වූ ග්‍රහමාරු පිළිබඳ සියලු විස්තර නිවැරැදිව ලබා ගැනීමට අපගේ චිරංජීවණී ජ්‍යොතිෂ නාලිකාව සමඟ දිගටම රැඳී සිටින මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර අපගේ සේවය ඔබ වෙත ගුණාත්මක මෙන්ම විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීමට අප ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
ඉතින්, මේ සියල්ල ලැබුනේ ඔබේ ආදරය, සහයෝගය මැද බව නොරහසකි. දිගටම අපත් සමඟ රැඳි සිටින්න. ඔබගේ අදහස්, ප්‍රතිචාර සහ බෙදා ගන්න. ඉදිරියේදීත් ඔබගේ සහය යෝජනා අප සමඟ බෙදා ගන්න. ඉදිරියේදීත් ඔබගේ සහය අප සමඟ ඇති බව අපි විශ්වාස කරනවා !!!
නාලිකා සබැඳිය
youtube.com/@chiranjeewaniastrology
චිරංජීවණී ජ්‍යොතිෂය සේවය
සියලුම. ජ්‍යොතිෂය කටයුතු සදහා අමතන්න
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
අමතන්න: + 94 77 381 3006 | +94 71 934 0715
WhatsApp: 071 934 0715
2 weeks ago | [YT] | 23
View 1 reply
Chiranjeewani Astrology
උතුම් නවම් පුන් පොහොය දිනය අදයි !
සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ නවම් පුන් පොහොය දිනය අදයි.
තථාගත බුදුපියාණන් වහන්සේගේ අගසව් තනතුරු ලාභීන් වූ, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම එකී සම්භාවනීය තනතුරුවලින් පිදුම් ලැබුවේ නවම් පොහොය දිනයි.
එලෙසම ප්‍රථම මහා සංඝ සංගායනාව පවත්වන ලද්දේ ද, අද වැනි උතුම් නවම් පොහෝ දිනක දී ය.
ඔබ සැමට පින්බර නවම් පුන් පොහොය දිනයක් වේවා!
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
BA ( Hons ) RUSL
2 weeks ago | [YT] | 69
View 4 replies
Chiranjeewani Astrology
අපගේ චිරංජීවණී Facebook නාලිකාව 30,000 පරිශීලකයන්ගේ සීමාව ඉක්මවා ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු!
ඉතාම කෙටි කාලයකින් 30,000 ක පරිශීලකයන් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඇත. ඔබ සැමගේ නිරන්තර විශ්වාසය සහ සහයෝගය අප ඉමහත් ගෞරවයක් කොට සලකන්නෙමු. ඔබගේ ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ජ්‍යොතිෂය හරහා ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.
දෛනික ලග්න පලාඵල, මාසික ලග්න පලාඵල මෙන්ම විශේෂ වූ ග්‍රහමාරු පිළිබඳ සියලුම විස්තර නිවැරැදිව ලබා ගැනීමට චිරංජීවණී Facebook නාලිකාව සමඟ දිගටම රැඳී සිටින මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර අපගේ සේවය ඔබ වෙත ගුණාත්මක මෙන්ම විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීමට අප ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
ඉතින්, මේ සියල්ල ලැබුනේ ඔබේ ආදරය, සහයෝගය මැද බව නොරහසකි. දිගටම අපත් සමඟ රැඳි සිටින්න. නිරන්තරයෙන් ම ඔබගේ අදහස්, ප්‍රතිචාර සහ බෙදා ගන්න. ඉදිරියේදීත් ඔබගේ සහය අප සමඟ ඇති බව අපි විශ්වාස කරනවා !!!
චිරංජීවණී ජ්‍යොතිෂය සේවය
සියලුම ජ්‍යොතිෂය කටයුතු සදහා අමතන්න.
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
අමතන්න: 071 934 0715
WhatsApp: 071 934 0715
4 weeks ago | [YT] | 16
View 1 reply
Chiranjeewani Astrology
සුබ තෛපොංගල් දිනයක් වේවා!
இனிய தைப்பொங்கல் வாழ்த்துக்கள்!
Happy Thai Pongal Day!
1 month ago | [YT] | 31
View 0 replies
Chiranjeewani Astrology
සුරූපී ලලනාවන් මෙලොවට බිහි කිරීමෙහිලා මූලික වන ග්‍රහයෝග අතරින් සඳු – සිකුරු යෝගය මූලික තැනක් ගනියි. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ග්‍රහ මණ්ඩලයේ සුරතලිය ලෙස හඳුන්වනු ලබන සිකුරු සමග ග්‍රහ මණ්ඩලයේ මාතෘකාරක පදවිය උසුලන සිතට අධිපති සඳුද බලවත්ව යෝග වූ වෙලාවක මවුකුසින් මෙලොව එළිය ලබන්නා වූ කත උපතින්ම සුරූපී ලලනාවක් වීමේ වාසනා භාග්‍යය ලබන බව ජ්‍යොතිෂ විද්‍යාවේදී පුරාණ ඍෂිවරුන් පෙන්වාදී ඇත.
මෙම ලිපිය මගින් මෙම යෝග බලය ලග්න 12 යෙදී ඇති ආකාරය අනුව සුරූපී ලලනාවන් මෙලොවට බිහිවන අයුරු ජ්‍යොතිෂමය සිද්ධාන්ත අනුව විමසමු.
වෘෂභ ලග්නයේ මෙම ග්‍රහයෝගය ඇතිව ඉපදී ඇත්නම් උපතේ සිකුරු සඳු වර්ගෝත්තම ග්‍රහ බල ලබා ඇත්නම්ද මෙම සඳු සිකුරු ග්‍රහ බලයේ ඉතා වාසනාවන්ත ප්‍රතිඵල උදා කරගත් සුරූපී ළඳක් මෙලොවට බිහිවීමත් ඇය මෙලොව කාන්තාවන් අතරේ සුරූපී ලලනාවක් වීමත් ආදර කරුණාව ලබන කවුරුත් ප්‍රිය කරන වාසනාවද ප්‍රසිද්ධියද ලබන අයෙක් වීමද නියත වශයෙන්ම වේ.
මෙම සඳු – සිකුරු යෝගය මීන, තුලා ලග්නගතව යෙදී ඇද්ද එය සුරූපී ලලනාවක් මෙලොවට බිහි කිරීමට ඉවහල් වන ග්‍රහ බලයකි. මෙයට කේන්දරයේ ත්‍රිකෝණ ස්ථාන බලලැබූ සුබ ග්‍රහයන් වන ගුරු බුධ කුජ රවි යන ග්‍රහයන්ගේ බලවත් පූර්ණ දෘෂ්ටි ලැබීම මෙහි සුබ ප්‍රතිඵල වර්ධනය කිරීමට ඉතාම ඉවහල් වේ. තවද සුරූපී ළඳක් වශයෙන් ඇය මෙලොව ඉපිද රවි බලවත්ව ඇත්නම් රාජ්‍ය ක්ෂේත්‍රයේ නායකත්වය ප්‍රසිද්ධිය කීර්තිය ලබන ඇය ආත්ම ශක්තියෙන් ඉතා බලවත් වූ සුරූපී ලලනාවක් වීමේ ඉඩකඩ වේ. ගුරු බලවත්ව ලග්නගතව ඇති සඳු – සිකුරු මෙම ග්‍රහයෝගයට සුබ පූර්ණ දෘෂ්ටි දෙයිද එයින් ලබන ග්‍රහ කිරණින් හොඳ චරිතවත් උගත් යහපත් පිනට ළැදි සියලු යස ඉසුරින් පිරි ජීවිතයේ සියලු සැප සම්පත් අඩු නැති සුරූපී ළඳක් මෙලොවට බිහි වේ.
බුධ ග්‍රහයා බලවත්ව සිට මේ ග්‍රහ යෝගයට සුබ පූර්ණ දෘෂ්ටි දෙයි නම් කලාව ප්‍රිය කරන සංගීත වාදන ලිපි ලේඛන අංශවලට ගණිත මිනිත අංශවලට දක්ෂ සිනමා ක්ශේෂ්ත්‍රයට ද පිවිසීමේ වාසනාවක් හිමි කර ගත් සුරූපී කතක් මෙලොවට බිහිවෙයි.
සඳු සිකුරු ග්‍රහ යෝගයට බලවත් වූ කුජගේ පූර්ණ දෘෂ්ටි බලය ලැබේ නම් කාන්තාවන් අතරේ ජනප්‍රිය කාන්තාවන්ට නායකත්වය දෙන පිරිමියෙක් සේ වැඩකටයුතු කරන ආත්ම ශක්තියෙන් බලවත් පරිපාලන අංශවලට දක්ෂ විනෝද රසාලිප්ත නවක අදහස් ඇති දුටුවන් පිනවන මනබඳින රූපශ්‍රියක් උපතින්ම හිමිකර ගන්නීය.
රාශි බලයෙන් බලවත් වූ සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටි බලයට සඳු සිකුරු යොමු වීම, කාමාධික හැඟීම් ජන්මියාගේ නැති කරමින් මෙලොව අධ්‍යාත්මික සැප කෙරෙහි සිත යොදවන ආශාවන්ට වැඩි වහල් නැති ජීවිතයේ මුල් කාලයේදී දුක්විඳ වයස 30න් පසු තම ජීවිතයේ දියුණුව උදාකර ගන්නා දුක මැදින් තම දැඩි ආත්ම ශක්තිය තුළින් ජීවිතේ ජයග්‍රහණ ලබන (කේන්දරයේ දෙවැන්න හත්වැන්න අධිපතියන්ද බලවත් නම්) විවාහයෙන් පසුව දියුණුවද උදාකරගෙන යහපත් දූපුතුන් ලබන සමාජයේ ඕනෑම පොදු ප්‍රශ්නයකදී නොසැලී ජීවිතයට මුහුණ දෙන පිනට ළැදි රූමත් කතක් බිහිවේ. මෙහිදී රාහු කේතු බලවත්වී එම ග්‍රහයන්ගේ පූර්ණ දෘෂ්ටියට මේ ග්‍රහ යුවළ ලක්වේ නම් වේගවත් සිතිවිලි ඇති ධනය නිතර ලබන ගුප්ත වූ අදහස් ඇති දුර දක්නා නුවණ ලබන වේගවත් කඩිසර විනෝදයට ප්‍රියතාවය ඇති ආශාවන් කෙරෙහි ඇලීගැලී සිටින ගුප්ත කලාත්මක ශාස්ත්‍රීය අංග කෙරෙහි දක්ෂ සුරූපී ළඳක් බිහිකරවයි.
මෙහිදී අපි මේ ග්‍රහයෝගය භාව 12 යෙදීමෙන් සුරූපිනියක් මෙලොවට උපදින අයුරු බලමු. සඳු සිකුරු ලග්නගත වීම 1, 5, 9 කේන්දරයේ ත්‍රිකෝණ ස්ථාන තුනෙහිම මෙම ග්‍රහ යුවල 1, 4, 7, 10 කේන්දර ස්ථානවල බලවත්ව සිටීම සුරූපිනියන් බිහිකරවන යෝග වේ.
මේ ග්‍රහ යෝගය කේන්දරයක ලග්නගතව යෙදීම ඉතාමත් වැදගත් වේ. තවද 1, 5, 9 ත්‍රිකෝණ ස්ථාන 1, 4, 7, 10 කේන්දර ස්ථානවල යෙදී තිබී නම් සුරූපී ලලනාවක් මෙලොවට නියත වශයෙන්ම නිසැකවම බිහි වේ. මෙහිදී විශේෂයෙන්ම ලග්නාධිපති 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 අධිපති යන ග්‍රහයන්ගේ බල දුබල වුවද සුබ ප්‍රතිඵල උදාකර සුරූපී ළඳක් මෙලොවට බිහිකරවන යෝග වේ.
නවාංශක දෙර්කාංශක ද්වා දශාංශක ත්‍රීශාංශක අධිපති ග්‍රහයින්ගේ බල දුබල තවත් ග්‍රහයන් වර්ග කිරීමේදී අෂ්ටක වර්ග ෂඩ් වර්ග ඝෝෂ්ට වර්ගයේදී මේ ග්‍රහ යුවල බලයෙන් බලවත් වීමද මෙහි සුබ ප්‍රතිඵල උදාකරදීමට ජන්මියාට ඉවහල් වේ. තවද මේ ග්‍රහ යුවලගෙන් සිකුරු ග්‍රහයා උපතේදී රාශි බලයෙන් ත්‍රිකෝණ බලයෙන් ෂඩ් වර්ණයෙන් දෘෂ්ටි බලයෙන් බලවත්ව වක්‍රව හෝ අස්තව උපතේ උදාකොට සේ වර්ගෝත්තම වීමද එය පෙර පින් බලය ලබා මෙලොවට සුරූපිනියක් බිහිවීමේ විශේෂ වාසනා බලයකි. ඒ වාගේම සඳු උපතේ පුර සඳු වෙමින් මෙම ග්‍රහ යුවළ නැකැත් වාරයෙන්ද අංශක ගණනවලින් වර්ග ග්‍රහ බලයෙන්ද බලවත් වීමද ජන්මියාට ප්‍රතිඵල ලබාදීමට සමත් වේ. මෙලොව ජීවත් වන කාලය දක්වා යස ඉසුරු සැප සම්පත් යානවාහන ලබාදෙන වාසනා බලය උදාකරවන විවාහයෙන් පසුව දියුණුව ද ලබන මෙය කදිම ග්‍රහ සටහනකි. ඒ වාගේම ප්‍රසිද්ධිය ජනප්‍රියතාව නායකත්වය මූලිකත්වය පෙර පින් වාසනා බලය නොමඳව ලබන සුරූපිනියක් වීමේ වාසනා බලය මෙම ග්‍රහ යුවල උත්පත්ති කේන්දරයේ පිහිටා ඇති ආකාරය මත ජන්මියාට සුබ ප්‍රතිඵල උදාකර දෙයි.
තවද ඔබට අවශ්‍ය ජ්‍යෝතිෂය දැනුම ලබා ගැනීමට Chiranjeewani Astrology YouTube නාලිකාවද Chiranjeewani Astrology Facebook හා TikTok නාලිකාවද අනුගමනය කරන්න.
ඉදිරියේදී ඔබට දැනගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂයමය ගැටලු පවතිනවා නම්, අපි ලිපි මාර්ගයෙන් ඔබට එයට පිළිතුරු ලබාදීමට කැමැත්තෙන් සිටිමු. ඒ සඳහා ඔබගේ ජ්‍යොතිෂමය ගැටලු Chiranjeewani Astrology Facebook නාලිකාව හෝ පහත සඳහන් අපගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබගේ ගැටලු අප වෙත යොමු කිරීම සිදුකර ගත හැකියි.
චිරංජීවණී ජ්‍යොතිෂය සේවය.
සියලුම ජ්‍යොතිෂය කටයුතු සදහා අමතන්න.
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
අමතන්න: 071 934 0715
WhatsApp: 071 934 0715
1 month ago | [YT] | 26
View 0 replies
Chiranjeewani Astrology
නව වසරක් ආරම්භයත් සමඟ උදාවන පළමු පොහොය වන්නේ දුරුතු පුන් පොහෝ දිනයයි.
ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නවවැනි මස ප්‍රථම ලංකාගමනය සිදු වූයේ අද වැනි පොහෝ දිනක ය. මහියංගණයේ මහානාග උයනේ සිටි යක්ෂයෝ සිටි ස්ථානයේ අහස පුරා සවණක් ගණ බුදුරැස් විහිදුවමින් වැඩ සිටි සේක. බුදුරජාණන් වහන්සේ පෙළහර පාමින් ඔවුහු දමනය කිරීමට කටයුතු කළහ.එම ස්ථානයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයාණෝ දහම් පද ඇසීමෙන් සෝවාන් වූහ. අනතුරුව වැඳුම් පිදුම් කිරීම උදෙසා යම් පූජා වස්තුවක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ විට උන්වහන්සේ තම කේශධාතු මිටක් සුමන සමන් දෙව්රජුට ලබාදුන් සේක. එම කේශධාතු එම ස්ථානයට නිදන් කරමින් මහියංගණ චෛත්‍යයේ ආරම්භය සිදු කරන ලදි. වර්තමානයේ විශාල බැතිමතුන් පිරිසකගේ ගෞරවයට පාත්‍රවන මහියංගණ චෛත්‍යය රාජයා බිහි විය.
බුදු සසුනේ ප්‍රථම ආරාම පූජාව සිදුවූයේ ද දුරුතු පුන් පොහෝ දිනක ය. බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කළේ ය.
ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ කැලණි වෙහෙරට හිමිවන්නේ නොමඳ ස්ථානයකි. කැලණිය විහාරස්ථානය පාදක කරමින් වාර්ෂිකව පැවැත්වෙන මහා පෙරහර පැවැත්වෙන්නේ ද දුරුතු පොහොය දිනකදී ය. මෙම කරුණු නිසා දුරුතු පොහොය ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස බෞද්ධ ජනයා සලකනු ලබයි.
1 month ago | [YT] | 30
View 1 reply
Chiranjeewani Astrology
ලැබුවා වූ නව වසර ඔබගේ සියලු යහපත් පැතුම් ඉටුවන, නිරෝගීකම සහ සතුට පිරි, සාමකාමී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
1 month ago | [YT] | 36
View 1 reply
Chiranjeewani Astrology
අපගේ චිරංජීවණී Facebook නාලිකාව 20,000 පරිශීලකයන්ගේ සීමාව ඉක්මවා ඇති බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු!
ඉතාම කෙටි කාලයකින් 20,000 ක පරිශීලකයන් පිරිසක් අප සමඟ අත්වැල් බැඳගෙන ඇත. ඔබ සැමගේ නිරන්තර විශ්වාසය සහ සහයෝගය අප ඉමහත් ගෞරවයක් කොට සලකන්නෙමු. ඔබගේ ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට නිවැරැදි මඟ පෙන්වීමක් ජ්‍යොතිෂය හරහා ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි.
දෛනික ලග්න පලාඵල, මාසික ලග්න පලාඵල මෙන්ම විශේෂ වූ ග්‍රහමාරු පිළිබඳ සියලුම විස්තර නිවැරැදිව ලබා ගැනීමට චිරංජීවණී Facebook නාලිකාව සමඟ දිගටම රැඳී සිටින මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර අපගේ සේවය ඔබ වෙත ගුණාත්මක මෙන්ම විශ්වාසනීය ලෙස ඉදිරිපත් කිරීමට අප ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
ඉතින්, මේ සියල්ල ලැබුනේ ඔබේ ආදරය, සහයෝගය මැද බව නොරහසකි. දිගටම අපත් සමඟ රැඳි සිටින්න. නිරන්තරයෙන් ම ඔබගේ අදහස්, ප්‍රතිචාර සහ බෙදා ගන්න. ඉදිරියේදීත් ඔබගේ සහය අප සමඟ ඇති බව අපි විශ්වාස කරනවා !!!
චිරංජීවණී ජ්‍යොතිෂය සේවය
සියලුම ජ්‍යොතිෂය කටයුතු සදහා අමතන්න.
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
අමතන්න: 071 934 0715
WhatsApp: 071 934 0715
1 month ago | [YT] | 15
View 1 reply
Chiranjeewani Astrology
⚫️පුදුම හිතෙන බල තියෙන බලවත් යෝග හතක්.
පලාපල කථනයෙදී යෝගවලට හිමි වන්නේ ඉතා ශ්‍රේෂ්ඨ තැනකි. එමෙන්ම පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ විස්තරාත්මක වෙනසක් කිරීමට හැකිය. ඒ ඒ ජන්ම පත්‍රවල පිහිටි ග්‍රහයෝග අනුව පුදුමාකාර පලාපල ඇති වී තිබෙන බව අප විසින් කරන ලද පර්යේෂණවලදී මැනවින් ඔප්පු වී තිබේ. එහිදී ග්‍රහයෝග විස්තර කිරීමට මා බලාපොරොත්තු වන්නේ ඉතා සංක්ශිප්තව වැදගත්ම කරුනු කිහිපයක් පමනී.
පුෂ්කළ යෝගය / පුෂ්කර යෝගය
චන්ද්‍රයා පිහිටි රාශියාදිපතියා සමග කේන්ද්‍රගතව හෝ මිත්‍ර රාශි ගතව ලග්නය දැක සිටිය දී ලග්නයේ
බලවත් ශුභ ග්‍රහයකු සිටින විට පුෂ්කළ යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපත ලද්දෝ ධනවත් යහපත්
කතා ඇති සුප්‍රසිද්ධ රජයෙන් පැසසුම් ලබන මහා භාග්‍යවන්තයන් බවට පත් වෙති. මෙය පැටලිලි සහගත ග්‍රහ යෝගයකි. මෙහිදී ලග්නාධිපතියා අනිවාර්යයෙන්ම චන්ද්‍රයා සමඟ සිටිය යුතුය. කේන්ද්‍රගතව හෝ ලග්නය දැක සිටිය යුතු අතර ලග්නේ බලවත් ශුභ ග්‍රහයකු වීමෙන් මෙකී ශ්‍රේෂ්ඨයෝගේ යෙදෙන බව ජෝතිෂ්‍ය නියාමයකී. ලග්නාධිපති ග්‍රහයින් පිළිබඳ ලිපියක් පසුගිය සති තුළ ඇති පුවත්පතෙහි පලකොට ඇත.
මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණු කීපයක් වෙයි . මෙම යෝගය යෙදෙන්නේ ඉතාමත් කලාතුරකින් බැවින් පුෂ්කල යෝගය සම්පූර්ණයෙන්ම යෙදුන ජන්ම පත්‍ර සොයා ගැනීම ඉතාමත් අපහසු ය.ලග්නාධිපතියා චන්ද්‍රයා, චන්ද්‍ර සිවු රාශ්‍යාධිපතියා, සහ ලග්නයේ පිහිටි ශුභ ග්‍රහයා යන සිව් දෙනෙකුගේ සම්බන්ධය මෙම යෝගයට බලපවත්වයි. එබැවින් මෙවැනි යෝගයක් යෙදෙන්නේ බොහෝ කලකට වරකි.ඇතැම් විට ඔබට මෙම ග්‍රහයෝගය අවුල් සහගත යෝගයක් වශයෙන් අවබෝධ කරගැනීමට අපහසු වනු ඇති බැවින් උදාහරණ ජන්ම පත්‍රයක් මගින් තවදුරටත් විස්තර කිරීමට මම අදහස් කරමි.
තුලා ලග්නහිමි ඔබේ
ලග්නය ගුරු සිටින විට
හතරවැන්නේ රාහු, ශනි, ශුක්‍ර, චන්ද්‍ර
පස්වැන්නේ රවි,බුද, කුජ
දස වැන්න කේතු ඇතිවිට මෙම යෝගය උදාවේ.
මෙම උදාහරණ ජන්ම පත්‍රයේ ලග්නාධිපති සිකුරා චන්ද්‍රයා සමග සිටි. චන්ද්‍ර රාශිය අධිපතියා එනම්
මකරයේ අධිපතු සෙනසුරු සිවුවැන්නේ බැවින් චන්ද්‍රයා සහ සිකුරු සමග කේන්ද්‍රගතව ඇත. මේ අතර
සෙනසුරුට (චන්ද්‍රයා සිටි රාශධිපතියට ලග්නය දර්ශනය වේ. ලග්නයේම බලවත් ශුභ ග්‍රහයකු වන
බ්‍රහස්පති ලග්නයේ සිටීමෙන් පුෂ් කළ යෝගය ඉතා බලවත්ව මෙම ජන්මයාට යෙදී ඇති බව පෙනේ.
එසේම මෙම අයට මෙකී පුෂ්කලයොගයේ ශුභ පලාපල යෙදීම් ඇතිවේ.
ශ්‍රී නාථ යෝගය
මෙම යෝගය ඉතා වැදගත් දුර්ලභ ගණයේ ග්‍රහ යොගයකි. එසේ වනුයේ ධනු ලග්නකාරයට පමණක්
මෙම යෝගය යෙදෙන බැවිණි. මෙයින් ඵල ලැබී හැකි අය ඇත්තේ ඉතා ස්වල්ප දෙනකු පමණs. හත්
වැන්නාධිපතියා දහවැන්නේ උච්චක්ෂේත්‍ර ගත වූ විට දශවන්නාධිපතියා නව වැන්නාදිපතියා සමඟ
සංයෝග වීමෙන් ශ්‍රී නාථ යෝගය යෙදෙන බව ජ්‍යෝතිෂයෙහි දක්වා තිබේ. කන්‍යා රවීයේ දී බුද ග්‍රහයා
ද, රවි සමඟ සංයොග වී සිටිය දී උපත ලබන ධනු ලග්න හිමියන්ට පමණක් ශ්‍රීනාථයෝගය යෙදෙන බව
දත යුතුයි. ධනුලග්න හිමියන්ට මෙම ශී නාථ යොගය පිහිටා ඇතිවිට ලොකයෙන් වැදුම් පිඳුම් ලබන්නෙක් බවට පත් වේ. ධනය තමා කර ගලාගෙන පැමිනෙයි. එමෙන්ම ජීවිත යථාවඝතය අවබෝධ කර ගැනීම මෙන්ම බොහෝ පිරිසකට නායකයකු බවට පත්වේ.
සංඛ යෝගය
සංඛ යෝගය ද රාජයෝගයක් මෙන් බලවත් යෝගයකි. මෙම යෝගය යෙදෙන්නේ පස් වැන්නාදිපති හා සයවැන්නාධිපතියන් ඔවුනොවුන්ව කේන්ද්‍රගතව සිටියදී ලග්නාධිපතියා බලවත්ව සිටීමෙනි. පස්වැන්න භාග්‍යස්ථානයයි. එසේම හයවැන්න වික්‍රමස්තානයයි. මේ අනුව බලන විට පස්වැන්නේ සහ හයවැන්න ඉතාමත් වැදගත්බව බව අපට පහසුවෙන් වටහා ගත හැක. මෙය උත්තර කාල මානයෙහි හතරවෙනි කාණ්ඩයෙගහි සිව්වැනි ශ්ලෝකයෙන් ද වැඩිදුරටත් තහවුරු කර ඇති බව පෙනේ. සංඛ යෝගයෙන් උපත ලද අය සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය කරුණාව ඇති නිතරම අන්‍යයන්ගෙන් ගරු බුහුමන් ලබන වාසනාවන්ත භාග්‍යය ඇති අය වෙති. එසේම මොවුන් විනෝදකාමියෝ වෙති. නිතරම යහමගෙහි ගමන් ගන්නෝ වෙති. පූර්ණ ආයුෂ විදීමට ද මෙම යෝගය බෙහෙවින්ම සමත් වේ.
භේරි යෝගය
සිකුරු ලග්නාධිපතියා සහ බ්‍රහස්පති එකිනෙකාට කේන්ද්‍රගතව සිටිවිට භාග්‍යස්ථානාධිපතීන්ගේ
සම්බන්ධයෙන් භේරි යෝගය හටගන්නා බව දැක්වේ. මෙම යෝගයට සිකුරු බ්‍රහස්පති ලග්නාධිපතියා
සහ භාග්‍යස්ථානාධිපතියා බලවත්ව ස්ථානයේ සිට බලන විට තමන් කර්මානූරූපීව බලවත්වීම අවශ්‍ය
බව පෙනේ. මෙයට හේතුව තුලා, වෘෂභ, කන්‍යා සහ කුම්භ ජන්මීන්ට මෙම ග්‍රහයෝගයට සම්බන්ධ
වන්නේ ග්‍රහයන් තිදෙනෙකි. තුලා, වෘෂභ යන ලග්න දෙකට ලග්නාධිපතියා සිකුරා ම ය. කන්‍යා, කුම්භ
රාශි දෙකේ භාග්‍යස්ථානය හිමිවන්නේ සිකුරාට ම ය. මේ අනුව එම ලග්නවලට එකී ග්‍රහයන් තිදෙනෙකුගේ සහයෝගයෙන් භේරි යොගය උදාවේ. සියලු රෝගාබාධයන්ගෙන් මිදී නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමටත්,පූර්ණ ආයු වැළඳීමටත්, ක්‍රමානුකූල ජීවිත පාලනයක් ගෙන යාමටත්, විවිධ මාර්ගවලින් ආදායම් ලබා ගැනීමටත්, ගෘහ ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමටත්, ධාර්මික ජීවිතයක් ගත කිරීමටත් භේරි යෝගය මහෝපකාර වේ. මෙවැන්නන්ට රෝග වැලදීම ඉතාමත් අඩුය. කායික වශයෙන් බලවත් ශක්තිමත් පුද්ගලයින් වේ.
ඉහතින් පුෂ්කළ යෝගය යෙදී ඇති ජන්ම පත්‍රයෙහි භේරි යෝගය ද යෙදී ඇති බව අපට දැකිය හැක. එහි ලග්නාධිපති සිකුරා බ්‍රහස්පතිට සිව්වැන්නේ කේන්ද්‍රගතව සිටී. භාග්‍යස්ථානාධිපති බුද ත්‍රිකෝණගතව පස්‌වැන්නේ බලවත්ව පිහිටා ඇත. මේ අනුව එම යෝගය යෙදී ඇති අයුරු දත යුතු ය.
බ්‍රහ්ම යෝගය
බ්‍රහස්පති සහ සිකුරා භාග්‍යස්ථානාධිපතියාගෙන් සහ එකොළොස් වැන්නාදිපතියාගෙන් එකිනෙකාට
කේන්ද්‍රගත වී සිටින විට බුද ග්‍රහයා ද, ලග්නාධිපති කෙරෙන් හෝ දසවැන්නාදිපති කෙරෙන් කේන්ද්‍රගත
වීමෙන් බ්‍රහ්ම යෝගය යෙදේ. මෙම ග්‍රහයෝගයෙන් උපත ලද අය සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට සමත් රසවත් ආහාර වර්ග අනුභව කිරීමට ලැබෙන, උසස් අයගෙන් උගතුන්ගෙන් ගරු සම්මාන ලබන, උසස් ඉගෙනීමක් අනිවාර්යයෙන්ම ලැබෙන, ගුණවන්ත, දීර්ඝායු භුක්ති විඳින, සෑම විටම යහපත් කටයුතුවලට සිත නැමෙන සුළු පුද්ගලයෝ වෙති. බ්‍රහ්මයෝගය උසස් ගණයෙහිලා ගැණිය යුතු යෝගයකි. මෙම යෝගය ඉතාමත් කලාතුරකින් යෙදෙන ශුභයෝගයකි. මෙම යොගය නිසාම ජන්මියා නීරෝගී, කීර්තිමත්, ධනවත් පුද්ගලයකු වී අන්‍යයන් තමන්ට සේවය කිරීමේ හැකියාවක් නිරායාශයෙන්ම ලැබෙන බව ජෝතිෂයෙහි දක්වා ඇත. බ්‍රහ්මයෝගයේ යෙදෙන විට සියලූම නෛසර්ගත ශුභ ග්‍රහයෝ මෙයට සම්බන්ධ වීම ද විශේෂ සිද්ධියක් බව සැලකිය යුතු ය. මෙම යෝගය යෙදුණ ජන්ම පත්‍ර අනුව එහි බලයද මැන බැලිය යුතුව ඇත. මේෂ ලග්නයට භාග්‍යසථානාධිපති ගුරු බැවින් භාග්‍යස්ථානාධිපතියාගෙන් ගුරු කේන්ද්‍රගත වීමත් සිදුවිය නොහැකි බැවින් මෙම ජන්මයෙන්ද බ්‍රහ්මයෝගයේ ඵල ලැබිය හැකි යැයි සිතීම තරමක් දුරට අපහසුය. භාග්‍යස්ථානය යනු නවවැන්න වේඑමෙන්ම මෙහිදී කටක ලග්නයට කරුණු දෙකක් අසම්පූර්ණ බැවින් මෙකී යෝගය සම්පූර්ණ වශයෙන් යෙදීමට ඉඩ නැති බව පෙනෙ. එහි නවවැන්න සහ එකොළොස් වැන්නාදිපති ගුරුට සහ සිකුරුට බැවිණි.විශේෂයෙන් කටක ලග්නයටත් ධනු ලග්නයටත් මෙම යෝගය සම්පූර්ණ වශයෙන් යෙදිය නොහැකි බව පෙනේ. ධනු ලග්නයේම බුද සිකුරු දෙදෙන දහවැන්න සහ එකොළොස් වැන්න අධිපති බැවින් එකිනෙකාට එම ස්ථානවලින් කේන්ද්‍රගත වීම අපහසු සිදුවීමකි. මේ අනුව මේෂ, කටක සහ කන්‍යා ලග්නවලට හැර අනිත් ලග්නවලට මෙම යෝගය සම්පූර්ණයෙන්ම ඵල දිය හැකි බව සිති ය යුතුය.
පර්වතයෝගය
ශුභ ග්‍රහයන් කේන්ද්‍රගතව සිටින විට හයවැන්නේ සහ අටවැන්නේ ග්‍රහයන් සිටීමෙන් හෝ නොසිටීමෙන් පර්වතයෝගය යෙදෙන බව ජෝතිෂයෙහි සඳහන්ව ඇත. ඇතැම් ජ්‍යෝතිශය වේදින්ගේ මතයන් අනුව ලග්නාධිපතියා සහ දොළොස් වන්නාධිපතියා එකිනෙකාට කේන්ද්‍රගත වීමෙන්ද පර්වත යෝගය යෙදෙන බව දක්වා තිබේ. මේ අනුව පර්වත යෝගය යෙදීමේ ක්‍රම තුනකි.ඒවා මෙසේය.
1.ශුභ ග්‍රහයන් කේන්ද්‍රගත වී හයවැන්නේ හෝ දොළොස්වැන්නේ ශුභ ග්‍රහයන් සිටීම.
2. ශුභ ග්‍රහයින් කේන්ද්‍රගතවීම මෙන්ම හයවැන්න හෝ දොලොස්වeන්නේ ග්‍රහයින් නොසිටීම
3 .ලග්නාධිපතියා සහ දොළොස් වැන්නාධිපතියා එකිනෙකාට කේන්ද්‍රගතව සිටීම.
තුන්වෙනි ක්‍රමය අනුව යෙදෙන පර්වත යොගය කුම්භ ලග්න හිමියන්ට නොයෙදේ. එසේ වනුයේ
දොළොස් වැන්න සස ලග්නය යන ස්ථාන දෙකම එනම් ශනි ග්‍රහයාට හිමිවන බැවිණි. මෙම යෝගය
යෙදුන විට ධනවත්, සෞභාග්‍යවන්ත, නිදහස්කාමී, පුණ්‍යවන්ත ගමක හෝ ප්‍රදේශයක නායකත්වයක්
උසුලන පුද්ගලයෙක් බවට පත්විය හැකි බව ජ්‍යොතිෂයෙහි දක්වා තිබේ. ඒ කෙසේ වුව ද මෙම ජන්මින්
රාගාදික පුද්ගලයන් වීමේ හැකියාවද නොමඳව ලබනු ඇත. එමෙන්ම මීට අමතරව පරිවර්ථන යෝග
දෙකක් ඇති වේ ධර්ම කර්මාධිපති ගෝගය මෙන්ම ධන කුචවේරයන් බිහි කරනා පරිවර්තාන යෝග මෙම ග්‍රහයෝග පිළිබදව ඉදිරියදි දිර්ග විස්තරයක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
කලා නිදි නියෝගය
බ්‍රහස්පති වෘෂභ කන්‍යා තුලා හෝ මිතුනා රාශී වී දෙවැන්නේ හෝ පස්වැන්නේ සිටින විට බුද සහ
සිකුරු විසින් දකිනු ලැබ හෝ සංයොග වී හෝ සිටින විට කලා නිදි යෝගය යෙදේ. මෙය බුධ ගුරු සහ
කිවී යන ශුභ ග්‍රහයන්ගෙන් යෙදෙන බලවත් රාජයොගයක් බව අපි අත්දැක ඇත්තෙමු. ධන ස්ථානය
සම්බන්ධ කොට ශුභ ග්‍රහයන් තිදෙනෙකුගේ සම්බන්ධය නිසා යෙදෙන මෙම යොගයෙන් ජන්මියා මහ
වාසනාවන්තයෙකු කරන බව ශාස්ත්‍ර නියාමයකි.කලා නිදියෝගය යෙදුණු ජන්මියා රාගාදික යහපත්
පැවතුම් ඇත්තේය. රජයෙන් පවා ගරුනම්බු පැසසුම් ලබයි. නීරෝගි ශක්තිමත් දේහයක් ඇති අයෙකි.හේ රජයට පවා අවවාද අනුශාසනා දීමට සමත් අයෙකි. බොහෝ විට රජ වෙයි. නැතිනම් ග්‍රාමයක හෝ රටක හෝ ප්‍රධානියකු බවට පත් වෙයි.
තවද ඔබට අවශ්‍ය ජ්‍යෝතිෂය දැනුම ලබා ගැනීමට Chiranjeewani Astrology YouTube නාලිකාවද Chiranjeewani Astrology ෆේස්බුක් හා ටික් ටොක් නාලිකාවද අනුගමනය කරන්න. ඉදිරියේදී ඔබට දැනගැනීමට අවශ්‍ය ජ්‍යොතිෂයමය ගැටලු පවතිනවා නම් අපි ලිපි මාර්ගයෙන් ඔබට එයට පිළිතුරු ලබාදීමට කැමැත්තෙන් සිටිමු. ඒ සඳහා ඔබගේ ජ්‍යොතිෂමය ගැටලු චිරංජීවණී Facebook නාලිකාව හෝ පහත සඳහන් අපගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් ඔබගේ ගැටලු අප වෙත යොමු කිරීම සිදුකර ගත හැකියි.
ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල
අමතන්න: + 94 77 381 3006 | +94 71 934 0715
WhatsApp: 071 934 0715
2 months ago | [YT] | 44
View 0 replies
Load more