🙏..ආයුබෝවන්..🙏
⭕..ඔබ සැමට සුභ දවසක්..! SIGRI TV Online Youtube නාලිකාවට සාදරයෙන් පිළිගනිමු.
⭕..ලස්සන ශ්‍රී ලංකාවක් දැකීමට සිහින දකින ඔබට රටේ තොරතුරු පිළිබඳ වෙනස්ම කෝණයකින් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු
🔺ඉතින් අප හා සමග එක්වීම ගැන ඔබ සැමට ස්තූතියි....!
SIGIRI TV online
නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ AIIB බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක වන නිවාස ඒකක 2100කින් සමන්විත මාදම්පිටිය ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ වත්මන් කටයුතු නිරීක්ෂණය සඳහා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක අමාත්‍යවරයා, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සහභාගී විය....!
48 minutes ago | [YT] | 23
View 0 replies
SIGIRI TV online
"ගෘහ නිර්මාණ ශිල්පීන් හුදෙක් නිර්මාණකරුවන් පමණක් නොවේ, අවකාශය මනාව හසුරවන, පරිසරය ආරක්ෂා කරන, දිගුකාලීන ජාතික සැලසුම්කරණය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නන් පිරිසක් ".
“Transform, Transcend, Thrive” යන තේමාව යටතේ පෙබරවාරි 20 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති, Sri Lanka Institute of Architects ආයතනය (SLIA) විසින් සංවිධාන කරන ලද ගෘහ නිර්මාණ ශිල්පය සහ පරිසරය (Architecture & the Built Environment) පිළිබඳ 44 වන ජාතික සමුළුවට අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වය.
49 minutes ago | [YT] | 1
View 0 replies
SIGIRI TV online
පෙබරවාරි 19 වැනිදා මාතර කොටුව පැරණි මහාධිකරණ පරිශ්‍රයේ පැවති, දෙස් විදෙස් කලාකරුවන්ගේ නිර්මාණ රැසකින් සමන්විත මාතර කලා උළලේ (Matara Festival for the Arts) සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍යවරිය සහභාගී වෙමින්...
51 minutes ago | [YT] | 2
View 0 replies
SIGIRI TV online
ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා.
AI Impact 2026 සමුළුවට සහභාගි වීමට නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (20) දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී (Hyderabad House) සිදු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ ස්තූතිය පළ කරමින් සුහද කතා බහක නිරත විය.
අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාවද පළ කළේය.
54 minutes ago | [YT] | 5
View 0 replies
SIGIRI TV online
“පිරුණු මිනිසෙකු බිහි කිරීමට කියවීම අත්‍යවශ්‍යයි”
කඩුල්ල සාහිත්‍ය කවය සහ දුරුතු සහෘදයෝ එක්ව සංවිධානය කරනු ලබන "රුහුණු පොත් වසන්තය 2026" සාහිත්‍ය මංගල්‍යය ඊයේ දින මාතර උයන්වත්ත මහජන ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. මෙම සමාරම්භක උත්සවය සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ ග්‍රන්ථ ප්‍රකාශන ආයතන රැසක් එක්ව සිටි අතර මෙම අවස්ථාව සඳහා සාරෝජා පෝල් රාජ් මහත්මිය සමඟ මාතර මහ නගරධිපති නීතීඥ ජයන්ත පතිරණ මහතා ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය සේවකයන් ද එක්ව සිටියහ.
55 minutes ago | [YT] | 2
View 0 replies
SIGIRI TV online
මාතලේ නගරයේ සිට සංචාරක ආකර්ෂණයක් සහිත සුන්දර රිවස්ටන් ප්‍රදේශය වෙත යන ගමනේදී හමු වන ප්‍රධාන නගරය වන්නේ රත්තොට නගරයයි. මෙම නගරය හරහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ගමන් කරයි. එමෙන්ම සන්නිවේදන කුළුණු පිහිටා ඇති ගම්මඩුව, කරගහතැන්න වෙත ගමන් කරන්නේද රත්තොට නගරය හරහාය.
පසුගිය පාලන සමයේ අවිධිමත් සංවර්ධනය නිසා රත්තොට නගරය අවිධිමත්, අපිරිසිදු, අවලස්සන නගරයක් ලෙස පවතී. මාර්ග පද්ධතියේ ඇති අවිධිමත් බව නිසා රත්තොට නගරයේ මාර්ග තදබදය මෙන්ම විවිධ අපහසුතාවයන් නිසා ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකයන්ද දැඩි අසීරුතාවයකට පත්ව ඇත.
රත්තොට නගරය විධිමත් නගරයක් කිරීමේ අරමුණින් ඊයේ දින (02/20) මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවේ දී නගරයේ කාණු පද්ධතිය, අවිධිමත් ලෙස නවතා ඇති වාහන සහ ත්‍රි රෝද රථ මෙන්ම අවිධිමත් ඉදිකිරීම් ගැනද මන්ත්‍රීවරයාගේ විශේෂ අවධානයට ලක් විය.
රත්තොට ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබූ මෙම නිරීක්‍ෂණ චාරිකාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, රත්තොට සම්බන්ධීකරණ කමිටුවේ සභාපති දීප්ති වාසලගේ සහෝදරිය, රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති සමරකෝන් සහෝදරයා ඇතුළු මන්ත්‍රීවරුන්, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු සංජීව මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
58 minutes ago | [YT] | 1
View 0 replies
SIGIRI TV online
2026 අයවැය ප්‍රතිපාදන යටතේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සදහා යාන්ත්‍රණක් සකස් කිරීම සහ එම නිෂ්පාදන සඳහා සහතික මිලක් නියම කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී පැවැත්විණ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා මහතා, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා, ලංකා සතොස සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ එම ආයතනවල නිලධාරීන් මෙන්ම වී අලෙවි මණ්ඩලයේ සභාපති ඇතුළු නිළධාරින් පිරිසක් එක්විය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්මය නගා සිටුවීම අරමුණු කරගනිමින් ගොවීන්ගේ පිරිවැය ආවරණය වන පරිදි අල, ලූනු හා බඩඉරිඟු වැනි දේශීය ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව වෙත ලබා දී තිබේ.
එම අයවැය ප්‍රතිපාදන ප්‍රයෝජනයට ගනිමින් දේශීය ගොවීන් ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම, සහතික මිලක් නියම කිරීම සහ අස්වනු වෙළඳපලට නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
දේශීය ගොවි නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ඇති කරමින් වෙළෙඳපොල තුළ සහතික මිලක් නියම කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.
59 minutes ago | [YT] | 1
View 0 replies
SIGIRI TV online
පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් විධිමත් දත්ත පද්ධතියක් සහ වැටලීම් ශක්තිමත් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් උපදෙස්.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 2026 වර්ෂයට අදාලව ප්‍රගති සමාලෝචන රැස්වීමක් (2026/02/19) දින පැවැත්විණි.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී ගනු ලැබූ ප්‍රධාන තීරණ මෙසේය:
* ව්‍යාපාරික දත්ත පද්ධතිය:
වෙළඳපොළේ නියාමන කටයුතු වඩාත් විනිවිදභාවයකින් සිදු කිරීම සඳහා දිවයින පුරා සිටින ව්‍යාපාරිකයන් ඇතුළත් විධිමත් දත්ත පද්ධතියක් (Database) වහාම යාවත්කාලීන කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
* පාරිභෝගික දැනුවත්භාවය:
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යනු වැටලීම් සිදු කරන ආයතනයක් පමණක් නොවන බවත්, පාරිභෝගික අයිතිවාසිකම් සහ භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් වගකීමක් නිලධාරීන් සතු බවත් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
* ගුණාත්මකභාවය පරීක්ෂාව:
වෙළෙඳපොළට නිකුත් කරන භාණ්ඩවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් සෝදිසියෙන් සිටිය යුතු බවට නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා ඇතුළු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
1 hour ago | [YT] | 0
View 0 replies
SIGIRI TV online
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ තහන්ම් කරන ලද වත්කම්
1 hour ago | [YT] | 5
View 0 replies
SIGIRI TV online
ජාතික නිවාස වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල් දහසක් සදහා නිවාස 1000 ක් ඉදිකිරීමට රුපියල් මිලියන 1000 ක් ලබාදීම,
පෙබරවාරි 25 දිවයිනේ දිස්ත්‍රික්ක 13 කදී!
1 hour ago | [YT] | 0
View 0 replies
Load more