Sri Lanka's Trusted international news channel, Sinhala News Channel.

Disclaimer: This is a news report. All images, Audio, or Videos are used for reference purposes only.

For copyright matters or if you have any questions please contact us at - horawanews@gmail.com



Horawa News

🔴පාර්ලිමේන්තුවම චාර්ටර් කරනවා මේ ගොල්ලෝ චික් විතරක්

2 hours ago | [YT] | 0

Horawa News

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් (Tarique Rahman) මහතා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (17) පස්වරුවේ පැවැත්වුණි.‍ෙඑහිදී, අමාත්‍යවරයා ශ්‍රී ලංකාව වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුභාශිංසන පිරිනැමූ අතර, පසුගිය දිට්වා සුළි කුණාටු අවස්ථාවේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය ද පළ කරන ලදී. එමෙන්ම, බංග්ලාදේශයේ සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදන සදහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද එක්විය.

9 hours ago | [YT] | 166

Horawa News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට සංචාරයක නිරත එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා අතර හමුව ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය ආර්ථික අර්බුදයෙන් සහ මෑතකාලීනව සිදු වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැඟෙමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ මෙහිදී එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරන්නක් බවද සඳහන් කළේය.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ වෙනුවෙන් අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමේදී සංචාරක කර්මාන්තය, අපනයන සහ විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවත්, එහිදී සියලු මිත්‍ර රටවල සහාය අපේක්ෂා කරන බවත්, එක්සත් රාජධානියට එහිදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි වනු ඇති බවත් සඳහන් කළේය.
එමෙන්ම එක්සත් රජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිතු දම සිහිපත් කරමින් සංචාරක ක්ෂේත්‍රය සහ අපනයන වෙළෙඳපොළ තුළ එක්සත් රාජධානිය මේ වන විට ශ්‍රී ලංකාවට ලබා දෙන පුළුල් දායකත්වයත්, විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනේදී සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මෙන්ම ශ්‍රී ලංකාවේ ඇඟළුම සඳහා පනවා තිබු තීරු බදු ඉවත් කරමින් ලබා දුන් සුවිශේෂී සහායත් කෘතවේදීව අගය කළේය.
එක්සත් රාජධානීය සහ ශ්‍රී ලංකාව අතර බැඳීම ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය David Lammy මහතා සෑම විටම ශ්‍රී ලංකාවට ඉතා සමීප රටක් ලෙස කටයුතු කිරීමට ලැබීම ඉතා අගය කරන බවත්, මේ වන විට ශ්‍රී ලංකාව අනුගමනය කරන ආර්ථික සහ සමාජ පරිවර්තනය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන සෑම ධනාත්මක වැඩසටහනකදීම එක්සත් රාජධානියේ පූර්ණ සහාය ලබා දෙන බවටද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහතික වූහ.
යුද්ධයෙන් පසු යළි ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී වත්මන් රජය අනුගමනය කරන වැඩසටහන් සහ ජනතාව වෙනුවෙන් ආරම්භ කර ඇති පුළුල් සංවර්ධන වැඩපිළිවෙළද ඇගයීමට ලක් කරමින් ඒ සඳහා සහාය ලබා දෙන බවටද වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

9 hours ago | [YT] | 49

Horawa News

ශ්‍රී ලංකා - ජපාන ආර්ථික සබඳතා නව මාවතකට යොමු කෙරෙන යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජපානයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ජපානයේ ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Takehiko Matsuo, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Akio Isomata සහ ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගීතා කමිටුවේ සභාපති Fumihiko Kobayashi යන මහත්වරු සහ ජපාන රජයේ සහ එරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් මෙම පිරිසට ඇතුළත් වූහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපානයේ සිදු කළ රාජ්‍ය සංචාරයේදි පවත්වන ලද සාකච්ඡා අනුව මෙම යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) ස්ථාපිත කිරීමේ සැලසුම් පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන ලෙස කරන ලද ආරාධනය අනුව මෙම විශේෂ නියෝජිත පිරිස මෙරට සංචාරයක නිරත වෙයි.
යෝජිත ශ්‍රී ලංකා–ජපාන අපනයන කාර්මික කොරිඩෝව (Export-Industrial Corridor) මගින් මූලිකවම අපනයන වෙළෙඳපොළ, ඉලක්ක කර ගත් නිෂ්පාදන සඳහා වන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩපිළිවෙළ තුළින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති පිළිගැනීම ඉහළ යනු ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි.
ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව තුළ පැවති උනන්දුව දශකයකට ආසන්න කාලයකට පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව යළි පණ ගැන්වී තිබෙන බවද මෙහිදී අවධාරණය කෙරිණි.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්ද්‍රරාජා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

10 hours ago | [YT] | 81

Horawa News

AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට ඊයේ (17) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය.
කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact Summit 2026 නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිතය.
දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.
එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

10 hours ago | [YT] | 161

Horawa News

බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න හොදේ

1 day ago | [YT] | 2

Horawa News

🔴අපි කිවුවා වගේම මේ පිළිකුල් දේශපාලනය නතර කරනවා

1 day ago | [YT] | 0

Horawa News

අම්මෝ මෙහෙම ප්‍රශ්න අහනවා කියන්නේ මනුස්සයෙක් නම් වෙන්න බෑ

1 day ago | [YT] | 1

Horawa News

සිංහල තේරෙන්නේ නැද්ද මනුස්සයෝ කියන එක තේරුම් ගන්නවා

1 day ago | [YT] | 0

Horawa News

මාලිමාවට ජයවේවා, දුන්න ඡන්දයට නියම ප්‍රතිපල ඉටුවෙද්දි තියෙන සතුට බලන්නකෝ.

1 day ago | [YT] | 1