Ayubovan 🙏
I am lakmali
I am from sri lanka 🇱🇰
My channel is we2 girl2
My husband Senesh, my elder daughter Sadasi, my younger daughter Sasadi, 💘💘
I hope to share with you the pages of our beautiful life story that revolves around that love as a memory of the past,
So from today we accept you as a member of our family very lovingly ❤️❤️
Be with us always, love you so much
Lakmali 💘




We2 girl2

සුභ උදෑසනක් ඔයාට
අද ලස්සන දවසක්,ලස්සන ගමනක් යනගමන්
කියන්නකො බලන්න කොහෙද මේ
We 2 girl2 👭

1 month ago | [YT] | 15

We2 girl2

අද තමා ලස්සනම දවස 🌻🌻🌻🌻🌻
පින්බර වාසනාවන්ත දවසක් වේවා මගේ යාලුවො හැමෝටම 🙏🙏🙏💘💘
We 2 girl2 👭

1 month ago | [YT] | 10

We2 girl2

සුභ දවසක් සුභ උදෑසනක් වේවා මගේ යාලුවො හැමෝටම 🙏🙏🙏💘💘

හෙමි හෙමින් අඩිතියන් දුරයන්න පියබලා
සවි නොවේ පියාපත් තාම පුංච් ඔයා
මගේ දුවේ දිනන දා මතු දිනෙක රජවෙලා
අතනොහැර ඉන්නවා යන්න සිහසුන සොයා

දුකින් සමුදුන් සතුටු දවසක්
https://youtu.be/UajdU6aDvvs
We 2 girl2 👭

1 month ago | [YT] | 10

We2 girl2

කදුලින් ගෙවුනු සතියක් අදින් අවසන් වෙයි කියලා හිතේ ලොකු බලාපොරොත්තුවක් තීනව,
පැටවු දෙන්නව ඉස්පිරිතාලෙ ඇදන් දෙකක දෙපැත්තෙ තියාගෙන තනියම අඩපු මට මහත්තයෝ ඔයා වාට්ටුවේ දොරෙන් මතුවෙද්දි මුලු ලෝකෙම මගේ ලග වගේ දැනුනා,,,,,,
ලොකු දූ අරගෙන 2026 ,01,01,රෝහලේ පලවෙනි admission එක උනේ පෙර කරපු පවකට මිස පිනකට නෙමෙයි ,,,,,,,,,
දෙවැනි දවසෙ නොසිතූ මොහොතක මගේ චූටි මැනික් කැටේ ට්‍රොලියක තියන් වාට්ටුවට අරන් එද්දි හදවත නැවතුනාද මන්ද,,,,,,,
ලොකු දූ ලගට යනවද චූටි දූ ලගට යනවද,හිත දෙපැත්තට දුව දුව කෑ ගහද්දි ""අම්මා ඔයා
දරුවො දෙන්නැ එක ලග ඇදන් දෙකක තියන් බලාගන්න ඒ කරුනාවන්න දොස්තර නෝනනා,මහතුරු,නර්ස් නෝනලා කියද්දී හිතට ආවෙ ලොකු සහනයක්,,,,,,
ඔක්සිජන් අඩුයි,,,,එයාටත්
මොනවද මගේ කනට මෙර් ඇහෙන්නෙ,හීනද මේ දකින්නෙ,කියල හිතුනා,,,
අම්මා,,මේ දෙන්නට පැය දෙකෙන් දෙක nebuliz
කරන්න,,,නර්ස් ඇවිත් කියද්දි කොහොම හරි මම මේ දේ කරනව කියල හිතට ශක්තිය දුන්නෙ හති වැටෙන මගේ රත්තරං පැටවු දෙන්නගෙ හදවත් දෙක,,,,,,
නොනිදා ගෙවෙන දවස් පහක්,ප්ලාස්ටික් පුටුවක් උඩට වෙලා එකම සැනසීම මගේ මහත්තයෝ ඔයා එනකල් බලන් හිටියා,,,
මොනදේ උනත් කව්රු නැතත් ඒ හැමදේම දරාගන්න ශක්තිය අරන් ඔයා තුන් වේලම මටයි දරුවන්ටයි කෑම,බීම අරන් බලන්න ආව,ගෙදර ගිහින් එන්නබැරි නිසා කලුතර බෝදිය ලග ඔයාට දවස ම තට්ට තනියම කට්ට කන්න උනා,,,,,,,,,,
මම දන්නව,මට,අපේ පැටවු දෙන්නට බඩ පිරෙන්න හිතපිරෙන්න හැමදේම දීලා ඔයා ආප්පයක් කාලා ජූස් එකක් බීලා දවස ගෙව්ව,,,,,,,,
ඒ නැතිබැරි කමටත් වඩා රෝහලේ ඇදක් උඩ ඉන්න දරුපැටවු දෙන්නගෙ හෙට දවසට අතේ තීන පිච්චිය ඉතුරු කරගන්න ඕන නිසා,,,,,,,,,,,,,ඒත් ආයෙත් හිනාවෙලා මගේ කදුලු නිව්වෙ මගේ මහත්තයෝ ,,ඔයා,,,,,,,,,
අපිට ඉන්නෙ අපි හතරදෙනා විතරයි කියල දැනුන මහ නපුරු කාලයක් මේ ගෙවෙන්නෙ,,,,,,
අදත් රෝහලේ ඉදන් මේ ලියන වචන වල තීන්නෙ,දුක ද වේදනාවද සතුටද කියන්න තේරෙන්නෙ නෑ,,
මැසේජ් කරපු,කෝල් කරපු දන්න අදුනන පිරිස අතර නොදැකපු ආදරනීය යූ ටියුබ් ෆැමිලි එකේ ආදරනීය හදවත් ගොඩාක් මගේ පැවටවුදෙන්නට ආශිර්වාද කලා,, ,,,,
ඒ වචන වල ශක්තිය මට ලොකු සැනසීමක් උනා,ඔයාලට ගොඩාක් පින්,,,,,
ලොකු දූ දවස් පහකට පස්සෙ ඊයෙ ගෙදර ගියා(2026,01,05),,,
තවම පොඩි මැනික එක්ක මම ඉස්පිරිතාලෙ ,,,,
අෆ්ද තමයි දුකම දවස,,,,,,,
ලොකු දූ අද අලුත් ඉස්කෝලෙ english
Media test එඅකට යනව,,,,,
අම්මා නැතුව අප්පචචි එක්ක,,,,
තනියම හැමදේම කරගෙන,,,,,,මට ඔයා ලග ඉන්න බැරි වෙච්ච එකට ගොඩාක් දුකයි,,,,
අනික මගේ පනට තාම හොදටම හොද නෑ,,,
පෙර සූදානමක් වෙන්නවත් ඔයාට බැරි උනා,,,,,
ඒත් ඔයාට පුලුවන් උපරිම ඔයා කරනව,මම ඒක දන්නව,,,,,,,
අද ලොකුම දුක වෙනදා කෑම පාර්සලෙත් අතේ එල්ලන් ගේට්ටුවෙන් මතුවුනු ආදරනීය මූන අදනෑ,,,,,ලොකු දූ එක්ක යන්න ඕන නිසා මිස ඔයා නෑවිත් ඉන්නෙ නෑ,මම ඒක දන්නව,,,
එන්න කෑම ගන්න,,,,,කියලා ඇටන්ඩන් නෝන කියද්දි මමත් පෝලිමේ ගිහින් පරිපු,සම්බෝල එක්ක බත් එකක් අරන් ආවෙ,චූටි මැනික එක්ක,,,ඒ ඔඅයා නැති අඩුව,,,
අපි කොහොම හරි මේ අමාරු කාලෙට මූන දෙමු,,,,
මගේ ලොකු දෝනි හැමදේම හොදින් කරගන්න තෙරුවන් සරනින් ඔයාට ශක්තිය ලැබේනවා,,,
ඉඩෝරය දරාගත්තොත් වසන්තය අනිවාර්යයෙන් එනවාමයි,
අපි ඉවසමු ඒ වසන්තය එනකල්
We 2 girl2 👭

1 month ago | [YT] | 30

We2 girl2

මගේ යාලුවන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා කියන්න එන්න බැරි උනාට සමාවෙන්න,2026,01,01 මට නම් සුභ උනේ නෑ,ඉතින්"
මෝ පෝස්ට් එක නොදා ඉන්නත් හිතලා ආයෙත් දැම්මෙ මගේ වීඩියෝ එනකන් බලන් ඉදල නැතිඋනාම හොයල බලන ආදරනීය හදවත් තියෙන ඔයාල වෙනුවෙන්,
ලොකු දුවත් එක්ක මම මේ වෙලාවෙ ඉන්නෙ හොස්පිට්ල් එකේ,
කලින් upload කරපු වීඩියෝ එකක් තීනව,පුලුවන් උනොත් අද(සිකුරාදා )හවස පහට publish කරන්නම්,
මගේ හිතේ තියෙන එකම ප්‍රාර්ථනා ව මගේ දූ පැටියා ඉක්මන්ට සනීප වෙන්න කියලා විතරයි
🙏🙏
මගේ යාලුවො හැමෝටම මේ අවුරුද්ද කිරියෙන් පැනියෙන් උතුරන්න ඕන
We 2 girl2 👭

1 month ago | [YT] | 30

We2 girl2

බර අඩි තිය තියා ලිස්සන පස් අස්සේ
බර අවි දැරූ හදවත සුසුමින් ගැස්සේ
ගැහෙනා නාඩි වැටෙනා සුසුවද ඔස්සේ
වෙස්ගත් දෙවිවරුන් මනු ලෝකෙට බැස්සේ

2 months ago | [YT] | 13

We2 girl2

අන්තර්ජාලයේ එහා මෙහා ඇවිදිනකොට දැකපු ලිපියක්,ඔයාටත් බලන්න දැම්මෙ
(උපුටා ගැනීමකි )
We 2 girl2 👭


මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සර්ප ශාකය (Snake Plant) ලෙස හඳුන්වන ශාකයකි. විද්‍යාත්මකව මෙය Sansevieria trifasciata ලෙස හැඳින්වේ. මෙම ශාකය සතුව බොහෝ වැදගත්කම් සහ විශේෂ ලක්ෂණ ඇත.

සර්ප ශාකයේ වැදගත්කම

🔵 වාතය පිරිසිදු කිරීම:
සර්ප ශාකයේ ඇති ප්‍රධානම වැදගත්කම වන්නේ එය ස්වභාවික වායු පවිතකාරකයක් ලෙස ක්‍රියා කිරීමයි. එය විෂ සහිත වායූන් වන ෆෝමැල්ඩිහයිඩ් (formaldehyde), බෙන්සීන් (benzene) සහ සයිලීන් (xylene) අවශෝෂණය කර වාතය පිරිසිදු කරයි. විශේෂයෙන්ම, රාත්‍රී කාලයේදී පවා ඔක්සිජන් මුදාහරින ශාකයක් ලෙස මෙය හඳුනාගෙන ඇත.

🔵පහසුවෙන් නඩත්තු කිරීම:
මෙම ශාකය නඩත්තු කිරීම ඉතා පහසුය. එය අඩු ආලෝක තත්ත්ව යටතේ වුවද හොඳින් වැඩෙන අතර, ජලය අවශ්‍ය වන්නේ ඉතා අඩුවෙනි. මෙය ගෙවතු වගාවට අලුත් අයට මෙන්ම, කාර්යබහුල ජීවිතයක් ගත කරන අයටද ඉතා සුදුසු ශාකයකි.

🔵 සෞන්දර්යය:
සර්ප ශාකයේ දිගු, සෘජු කොළ රටාව නිසා එය නිවෙස් සහ කාර්යාල අලංකරණයට ඉතා ජනප්‍රියය. එය ඕනෑම අභ්‍යන්තර මෝස්තරයකට නවීන පෙනුමක් එක් කරයි.

🔵වාස්තු විද්‍යාත්මක වැදගත්කම:
සමහර සංස්කෘතීන් තුළ, සර්ප ශාකය නිවෙසට වාසනාව සහ ධනාත්මක ශක්තිය ගෙන දෙන බවට විශ්වාසයක් පවතී. එය ආරක්ෂාව සංකේතවත් කරන බවටද විශ්වාස කෙරේ.

සර්ප ශාකය ඔබේ නිවෙසට අලංකාරයක් එක් කරනවා පමණක් නොව, වඩාත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීමටද උපකාරී වේ.

උපුටා ගැනීමකි 🙏

2 months ago | [YT] | 11

We2 girl2

මගේ යාලුවො හැමෝම පරිස්සමට ඉන්නව නේද,,,,,,,,,
මේ අයහපත් කාලගුණය ඉක්මන්ට ම මගේ මව් බිමෙන් තුරන් වේවා🙏🙏🙏🙏🙏🙏
කිසිදු කෙනෙකුට කිසිම විපතක් නොවේවා 🙏🙏
We 2 girl2 👭

2 months ago | [YT] | 13